කොවිඩ් “තුරන් කිරීම”…”සිඳබිඳ දැමීම” කල හැකි අතර, මෙම රටවල් සැබෑ සුපිරි තරුය.

කොවිඩ්-19 වෛරසය පිළිබඳව මූලික සංඛ්‍යා පෙබරවාරි මැද භාගයේ දී පැහැදිලි වු දා සිට, සෑම රටක්ම එහි පැතිරීම පාලනය කිරීමට උත්සාහ කරන බව පැහැදිලිය. රටක් හරහා වෛරසය පාලනයකින් තොරව, බිහිසුණුව පැතිර යාමට ඉඩ දීමට විකල්පයක් පිළිගැනීම කොතරම් මුරණ්ඩු හෝ මෝඩ වු රජයකට අපහසු තත්වයක් වනු ඇත.

අවාසනාවකට මෙන්, රටවල් විසින් අනුගමනය කළ හැකි විවිධ උපාය මාර්ග පිළිබඳව විශාල ව්‍යාකූලතාවයක් ඇති අතර, මාධ්‍ය හා විශේඥයින් නව වචන මාලාවක් ප්‍රකාශයට පත්කර ඇතිවා මෙන්ම ඒවා නොගැලපෙන ලෙස භාවිතා ද වේ. “වක්‍රය සමතලා කිරීම”, “මිටිය සහ නර්ථනය”, අවම කිරීම, තුරන් කිරීම, මර්ධනය කිරීම,.. යන අපගේ නව ලෝකයට සාදරයෙන් පිළිගනිමු. නමුත් අවසානයේ දී මෙම සියලු උපායමාර්ගයන් දෙකක් දක්වා අඩුවේ. ඒ “අවම කිරීම” සහ “තුරන් කිරීම” වන අතර, මෙයින් රටවල් තෝරාගන්නේ කුමක්ද යන්න රඳා පවතින්නේ, දිගුකාලීන ප්‍රතිලාභ සඳහා ඔවුන් කොතරම් කෙටි කාලීන වේදනාවක් විදීමට කැමති ද යන්න මතය. Continue reading

අප දිනකට පරීක්ෂණ 2,000-6,000 පමණ කළ යුතු බවට විශේෂඥයින් උපදෙස් දී ඇතත්, එය සිදු නොවන්නේ ඇයි?

ප්‍රතිකාර සඳහා රෝගී වූවන් සොයා ගැනීමට පමණක් නොව, වඩා වැදගත් වන්නේ සැඟවුනු ආසාදිතයන් ප්‍රජාව තුළ ගත කරන කාලය අඩුකිරීමෙන් ආසාදන පැතිරීම බිඳ දැමීමේ කොවිඩ් ප්‍රතිචාරයට මහා පරිමාණයෙන් පරීක්ෂණ ඇතුලත් විය යුතු බව, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අපි නිරන්තරයෙන්ම කියා සිටියෙමු.  Continue reading

අප සත්‍යය කතා කළ යුතුයි- අගුලු දැමීම අසාර්ථකයි-අපිට නැවුම් චින්තනයක් අවශ්‍යයි.

පසුගිය සති දෙක තුල අනාවරණය වු නව ආසාදිතයන් පිළිබඳව අප දන්නා පරිදි, ඇඳිරි නීතිය ඉවත් කිරීම ඇතුළු කොවිඩ් පාලන පියවර ලිහිල් කිරීමට කිසිදු තාර්කිත පදනමක් නොතිබුණි. මෙය බරපතලවුත්, මුළුමනින්ම මඟහැරිය හැකි වුත්, ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයක් වන අතර අනුමත කළ නොහැකි ව්‍යසනයකි.මේ රටේ වගවීම පිළිබඳව කිසියම් දෙයක් අදහස් කළේ නම්, ඊට සම්බන්ධ වූවන්ට එහි ප්‍රතිවිපාක විඳින්නට ඉඩ තිබුණි. ඇත්ත වශයෙන් පැහැදිලිව කිවහොත් මම අදහස් කළේ ජනාධිපතිවරයා නොව, ඔහු මෙතෙක් කටයුතු කර ඇත්තේ ඔහුට ලබා දී ඇති උපදෙස් මතය. Continue reading

මැතදී ඇතිවු තත්වයන්,අපගේ වසංගතය තුරන් කිරීමේ උපාය මාර්ගයේ ඇති බරපතල ගැටළු හෙළි කරයි.

ඇදිරිනීතිය යටතේ කොළඹ පදින්චිව සිටින නිවැසියන් අතර රෝගය පැතිර යාමේ ප්‍රවණතාවය වැඩිවීම සෞඛ්‍ය බළධාරීන් පුදුමයට පත් නොකල යුතුය, මන්ද යත් එය බලාපොරොත්තු විය හැකි තත්වයක් වීමය. අපගේ ආරම්භක සාර්ථකත්වය මත, ගොඩනැගීමට ප්‍රමාණවත් පියවර ගැනීමට සති කිහිපයක් තුලම අප අසමත් වී ඇත. විශේෂයෙන්ම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට නොහැකි වීමය. අවම ප්‍රජා සම්ප්‍රේෂණයක් සහිත තෝරාගත් රටවල් ගොන්නට අප ඇතුලත් වුවද, අපගේ ප්‍රතිචාරය පිළිබදව එන්න එන්නම පසුබාමින් සිටී. මෙමගින් අගුලු දැමීම ඉවත් කිරීම වඩාත් අපහසු වන අතර එය ආර්ථිකය නැවත ආරම්භ කිරීම සහ මැතිවරණය පැවැත්වීම යන රජයේ ආර්ථික හා දේශපාලන අරමුණු තවදුරටත් කලකිරීමට පත් කරනු ඇත. මාසයක් තුල සිදුකල අගුලු දැමීම තුල මහජනතාව සිදුකල විශාල කැපකිරීමද මේ නිසා අපතේ යනු ඇත. Continue reading

ප්‍රථම ජාතික කොවිඩ් අධ්‍යයනය, ශ්‍රී ලංකාවේ ප්‍රජා සමීක්ෂණ සඳහා ඇති අභියෝග පෙන්වා දෙන අතර, සමූහ ප්‍රතිශක්තිය (Herd Immunity) ක්‍රියාත්මක නොවන්නේ ඇයි දැයි පෙන්වා දෙයි

කොවිඩ්-19 ආසාදනය පිළිබඳව ලෝකයේ ප්‍රධාන රටක කරන ලද ප්‍රථම ජාතික සමීක්ෂණයේ ප්‍රතිඵල ඔස්ට්‍රියාව විසින් පසුගිය අප්‍රේල් 10 වන දින ප්‍රකාශයට පත් කරන ලදී. රට දරුණු වසංගතයකින් පෙළෙන නමුත්, ඔස්ට්‍රියානුවන් සියයකින් එක් අයෙකු පමණක් ආසාදනය වී ඇති බව පෙනේ. ඕනෑම බුද්ධිමත් රටක කොවිඩ්-19 සඳහා සුදුසුම උපායමාර්ගය සමූහ ප්‍රතිශක්තිය යන අදහස මෙම ප්‍රතිඵල වලින් බිඳ දමයි. ශ්‍රී ලංකාව වැනි රටවල ප්‍රජා ව්‍යාප්තිය පිළිබඳ සමීක්ෂණ පැවැත්වීම සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දෙන බව ද ඔවුහු යෝජනා කරති. Continue reading

ගුවන් තොටුපල විවෘත කිරීම සඳහා පරීක්ෂණ ධාරිතාව පුලුල් කිරීම අප දැන්ම කල යුතුයි.

කොවිඩ්-19 වෛරසය සඳහා, සියලුම ජාත්‍යන්තර පැමිණිම් පරීක්ෂා කිරීම මෙන්ම ඔවුන් දින 14 ක් නිරෝධායනය කිරීමට අනාගතයේදී අපට අවශ්‍ය වන්නේ මන්දැයි අපි මෙයට කලින් පැහැදිලි කර ඇත්තෙමු. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද දින ලිපියක් මඟින් මෙය සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. මේ වනවිට අප සතුව ඇති විද්‍යාත්මක සාක්ෂි සහ මාර්තු මුලදී සිදුවු දේ පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් මත පදනම් වු වඩාත් තාර්කික විකල්පය ලෙස අපි මෙම ඇමතුම අනුමත කරමු. Continue reading

තුරන් කිරීම ඉලක්කය ලෙස පිළිගත් පළමු ආසියානු නොවන, බටහිර රට බවට නවසීලන්තය පත්වේ

කොවිඩ් පාලනයේදී මේ දක්වා වඩාත්ම සාර්ථක රටවල් වන්නේ දශක දෙකකට පෙර සාර්ස් වසංගතයට මුහුණ පෑ නැගෙන්හිර ආසියානු රටවල්ය. මා හිතන්නේ, මෙය අනුගමනය කිරීමේදී අපට මානසික බාධකයක් ඇති කර තිබේ. මෙය බොහෝවිට එම රටවල් හා සංස්කෘතික සමානකම් බෙදා ගැනීමත්, රටවල් එකක් දෙකක් ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධති සංවිධානය කර ඇති ආකාරය අපට බොහෝ දුරට සමානකම් දැක්වීමත් තිබියදීය. 

නවසීලන්තය දැන් පැහැදිලිවම, අවම කිරීමට වඩා තුරන් කිරීම ඉලක්කය ලෙස තෝරා ගෙන ඇත. එසේ කල, පළමු හා එකම ආසියානු නොවන බටහිර රට ඔවුන්ය. Continue reading

කොවිඩ්-19 පාලනයට අප කොපමණ පරීක්ෂණ කළ යුතුද? (3) පරීක්ෂණයට භාජනය කළ යුත්තේ කවුද?

ශ්‍රී ලංකාව දිනකට  RT-PCR පරීක්ෂණ 2,000-6,000 අතර ප්‍රමාණයක් කළ යුතු බව අප ඇස්තමේන්තු කර ඇත. දිනකට පරීක්ෂණ 5,000 ක් කළ යුතු බව සෞඛ්‍ය  ආමාත්‍යාංශයේ වසංගතවේද අංශය ඇස්තමේන්තු කර ඇති බව දැනගන්නට ලැබී ඇත. අපගේ ඇස්තමේන්තුව වලට ගුවන් තොටුපල ආගමනයන් පරීක්ෂා කිරීමත්, දැනට ගුවන් තොටුපල වසා දමා ඇති නිසාත් එම ඇස්තමේන්තු හා සමානයි. විශේෂිත ඉලක්ක කණ්ඩායම් පරීක්ෂාවට භාජනය කිරීම අවශ්‍ය ඇයිද යන කරුණ පිළිබඳව අමතර පැහැදිලි කිරීමක් අපි මෙහි සපයන්නෙමු. මෙහිදී අපි කරුණු දෙකක් අවධාරණය කරමු. Continue reading

අපට කොපමණ COVID පරීක්ෂණ අවශ්‍යද: (2) තාක්ෂණික ඇස්තමේන්තු

ශ්‍රී ලංකාව දිනකට කරන කෝවිඩ් පරීක්ෂණ ප්‍රමාණය, RT-PCR පරීක්ෂණ ~250 සිට අවම වශයෙන් 2000 දක්වා වැඩි කල යුතුය. ඉතා ඉක්මනින් ක්‍රියාකළ යුතු, දන්නා කෝවිඩ් ආසාදිතයින් ආශ්‍රය කල අය පරීක්ෂා කිරීමේ විශාල පසුබෑමක් ඇත. ඉදිරි මාස 12 තුළ රට සහ ආර්ථිකය යම් මට්ටමකින් යථා තත්වයට පත්වීමට ඉඩ සලසන පරීක්ෂණ ධාරිතාවක් අප විසින් සකස් කළ යුතුව ඇත. 

දෛනික පරීක්ෂණ සඳහා ඉලක්ක මෙන්ම සමස්තයක් වශයෙන් අපට කොපමණ ධාරිතාවක් අවශ්‍ය දැයි මෙහිදී අප වාර්තා කරමු. කෝවිඩ්-19ට එරෙහි මෙම සටනේදී, අමතර මෙන්ම පෙරමුණ ගෙන කළ යුතු නොගැළපෙන පරීක්ෂණයක් වන බැවින් ප්‍රතිදේහ IgM/IgG පරීක්ෂණය ඇස්තමේන්තු කිරීම අපගේ විශ්ලේෂණ‍යට ඇතුලත් නොවේ. රටට වඩාත්ම හදිසි ප්‍රමුඛතාවය වන්නේ RT-PCR පරීක්ෂණ කිරීම පුළුල් කිරීමයි. අපගේ මූලික ඇස්තමේන්තු සහ විශ්ලේෂණයන් මෙම වාර්තාවේ පහතින් දක්වා ඇත.

අවම සංඛ්‍යා යනු ක්‍රියාත්මක කළ හැකි ලාභම පරීක්ෂණ ක්‍රමෝපාය පිලිබඳ අපගේ තක්සේරුවයි. කෙසේ වෙතත්, මෙය සාර්ථක නොවන බවට සැළකිය යුතු අවදානමක් ඇත; ඒ මන්ද යත් පරීක්ෂණ අනුපාත හොංකොං වැනි රටවල අනුපාතයෙන් දහයෙන් එකක් වන බැවිනි. සෑම වගුවකම සපයා ඇති පරමාදර්ශී සංඛ්‍යා රට ඉලක්ක කරගත යුතු බව අප නිර්දේශ කරමු. මේවා අපට සාර්ථකත්වය සඳහා යාමට හොඳ අවස්ථාවක් ලබා දෙනු ඇත.

පරීක්ෂණ අවශ්‍යතාවයන් 

අවම මට්ටම ප්‍රශස්ත මට්ටම
දෛනික පරීක්ෂණ සාමාන්‍ය 2,055 6,000
ජාතික ධාරිතාව (දිනකට පරීක්ෂණ ) 4,000 9,000
ඉහළ ප්‍රතිදාන උපකරණ 6 13

සටහන: බහුතරයක් පූර්ණ ධාරිතාවයකින් ක්‍රියාත්මක නොවන, විමධ්‍යගත උපකරණ ජාලයක් අවශ්‍ය වන බැවින්, සාමාන්‍ය පරීක්ෂණ කිරීමේ අනුපාතය ධාරිතා මට්ටම 200% සහ 150%ක් දක්වා ඇත. උපකරණ අක්‍රිය වන කාලය සහ අමතර ඉල්ලුම් ධාරිතාවටද මෙහි ඉඩ සලසා ඇත.

කෝවිඩ් රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට වඩා බොහෝ දේ මෙම පරීක්ෂා කිරීම තුළින් කළ යුතුය. මෙම වසංගතයේදී පරීක්ෂණ කිරීමේ උපාය මාර්ගික පරමාර්ථය නම්; (i) ප්‍රජාව තුළ ඇතිවිය හැකි ආසාදන පැතිරීම හඳුනා ගැනීම, (ii) ආසාදිත පුද්ගලයින් අඛණ්ඩව අන් අය ආසාදනය කිරීමට ගතවන කාලය අඩු කිරීමෙන් ජනතාව අතර වෛරසය සම්ප්‍රේශණය වීම මන්දගාමී කිරීම; හා (iii) අපගේ දේශසීමා හරහා වෛරසය රටට ඇතුළුවීම අවම කිරීම.

අපට මෙය හොඳින් කළ හැකි නම්, බොහෝ රටවල් දැඩි උත්සහයක් දරන “ආසාදන චක්‍රය පහත හෙළීම” යන ක්‍රියාවලිය අපගේ අරමුණ නොවනු ඇත. අපට  මෙයට වඩා හොඳ විකල්පයක් ඇත. එය වෛරසය ශ්‍රී ලංකාව තුළින් සහමුලින්ම තුරන් කර දැමීමයි. එමගින් සාමන්‍ය ජීවිතය නැවත ආරම්භ කිරීමට ඉඩ සලසයි. ප්‍රජාව තුළ මෙතෙක් වෛරසය සම්ප්‍රේශණය එතරම් දුරට සිදු නොවුන නිසාවෙන් අපට මෙය ක්‍රියාවට නැංවිය හැක.

මෙය කිරීමට අරමුණු කරගත් රටවල් කිහිපයක් පමණක් ඇති අතර,ඔවුන්ට එය කළ හැකි වනුද ඇත. සිංගප්පූරුව,හොංකොං,තායිවානය, චීනය මෙන්ම සමහර විට කොරියාවද මෙයට ඇතුලත් වනු ඇත.රටට ඇතුල්වන ජාත්‍යන්තර මගීන් සහ හඳුනාගත් ආසාදිතයන් හා සම්බන්ධ වුවන් ව්‍යාප්තව පරීක්ෂණ වලට භාජනය කිරීම, විදේශ සංචාරයන් හා සම්බන්ධ නොවු නව ආසාධිතයින් හදුනා ගැනීමට නිරීක්ෂණ අවේක්ෂන පරීක්ෂාවන් කිරීම මෙම ක්‍රමෝපායට ඇතුලත්වේ. අපටත් මේවා අනුගමනය කළ හැක. වෛද්‍යවරුන් හා රසායනාගාර විශේෂඥයින් අපට ඇත.රටේ නායකයින් ඔවුන්ට පැහැදිලි මඟ පෙන්වීමක් ලබා දෙන්නේ නම් ඔවුන්ට කළ නොහැකි දේ කළ හැකි බව මීට පෙර පෙන්වා දී ඇති සෞඛ්‍ය පද්ධතියක් සහ හමුදාවක් අප සතුව ඇත.

එය මිළ අධික ව්‍යායාමයකි.හොංකොං සහ සිංගප්පූරු පිවිසුමේ මූලික කොටස් අවම වශයෙන් අනුගමනය කිරීමේ ක්‍රමෝපාය සදහා වන පිරිවැය. රුපියල් බිලියන 4-5 වසරකට (ඇ.ඩො මිලියන 23-65) පමණ වන බව අපි ඇස්තමේන්තු කළෙමු.

වියදම

අවම  මට්ටම      ප්‍රශස්ත මට්ටම
මාසික මෙහෙයුම් වියදම රු.මිලි. 321 936
උපකරණ මිළදී ගැනීමට   රු.මිලි. 492 1,066
වසරක මුළු වියදම (රුපියල්)  රු.මිලි.  4,340 12,230
වසරක මුළු වියදම (ඇ.ඩො ) ඇ.ඩො.මි 23 65

උපකරණ සඳහා වියදමට දැනට ඇති උපකරණ සැකිල්ලට නොගැනේ.මිළට ගැනීමේ වියදම රෝච් ( ) උපකරණ මිළ (2020මාර්තු 31) පදනම් කරගෙන ගණනය කර ඇත.ක්‍රියාත්මක කිරීමේ වියදම සැලකිල්ලට ගෙන ඇත්තේ,වැඩි පැත්තට බර වූ රෝච් රසායන ද්‍රව්‍ය වල වියදමයි. සාම්පල එකතු කිරිම්, ප්‍රවාහනය, රසායනාගාර ශිල්පීන්ගේ වියදම සහ පරීක්ෂන වාර්ථා සැපයීම සදහා යන වියදම මෙයට ඇතුලත් කර නොමැත. මෙම අමතර වියදම්, මුළු වියදම් ඇස්තමේන්තුව 30% කින් වැඩි කරනු ඇත.

මෙය දැරිය නොහැකි වියදමක් ලෙස පෙනුනත් එය එසේ නොවේ. ශ්‍රී ලංකාව ලබාගෙන ඇති නව ලෝක බැංකු කෝවිඩ් අරමුදල් (ඇ.ඩො.මිලියන 128) මඟින් මේ සඳහා වන පිරිවැය පහසුවෙන්ම දැරිය හැකිය.මෙම උපාය මාර්ගයෙන් රටේ සේවාවන් යථා තත්වයට ගෙන ඒමටත්, ගුවන් තොටුපළ නැවත විවෘත කිරීමටද ඉඩ සලසයි. ආර්ථිකය නැවත ආරම්භ කිරීමෙන් රජයට එකතු කල හැකි බදු වැඩිවනු ඇත. බදු එකතු කිරීමේ ප්‍රතිලාභ අවම වශයෙන් පරීක්ෂන සදහා වියදම් වන පිරිවැයට වඩ අවම වශයෙන් 25-50 ත් ගුණයක් වැඩි වනු ඇතැයි අප ගනන් බලා ඇත්තෙමු.

දැරිය හැකි බව

අවම  මට්ටම ප්‍රශස්ත මට්ටම
ලෝක බැංකු ණය මුදලින් (ඇ.ඩො.මිලියන 128)  18% 51%
බදු ආදායමෙන් ලැබෙන ප්‍රතිශතය 2% 5%

සටහන: 2020 සඳහා මූලික බදු ආදායම 2019 නොවැම්බර් සඳහා වූ ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ ප්‍රක්ෂේපන මත පදනම් වේ. කෝවිඩ්-19 හේතුවෙන් බදු එකතුකිරීම 60%කින් අඩුවෙනු ඇතැයි අනුමාන කරන අතර,මෙම පරීක්ෂන වැඩසටහන යොදාගත හොත් ඒය 70% දක්වා වැඩිවනු ඇත. 

තාක්ෂනික වාර්තාවේ වැඩි විස්තර සහිතව යෝජිත උපායමාර්ගයේ ප්‍රධාන අංග පහත දක්වා ඇත.

ජාතික කෝවිඩ් ක්‍රමෝපායේ පරමාර්ථ

  1. ප්‍රජාව තුල කොවිඩ්-19 පැතිරීමක් නොමැතිව, දේශීය සම්ප්‍රේෂණය ශුන්‍යයට ආසන්න මට්ටමක පවත්වා ගැනීම සහතික කිරීම.
  2. 2020 අප්‍රියෙල් මසට පසුව  ජාතික ඇඳිරි නීතිය හෝ අගුලු දැමීමෙන් වළක්වා ගැනීම.
  3. ගෝලීය තත්වය කෙබඳු වුවත්, 2020 මැයි මාසයෙන් පසුව, පාසල් හා ව්‍යාපාරවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට පත්කිරීම.
  4. ප්‍රමාණවත් ආරක්ෂාවක් සහිතව, 2020 මැයි මාසයෙන් පසුව ගුවන් තොටුපල නැවත විවෘත කිරීම.

උපකල්පන

  1. වර්තමාන පියවරය (ගුවන්තොටුපල වසා දැමීම, අගුලු දැමීම, සමාජ දුරස්ථකරනය) තුලින් අප්‍රේල් 30 වන දින වන විට ශුන්‍ය සම්ප්‍රේෂණය ( පෙර දින 14  ආසාදිතයින් වාර්ථා නොවීම තුලින්) ළඟාකර ගැනීම.
  2. උපායමාර්ගික පරමාර්ථ වලට අනුකූලව ගුවන්තොටුපල ආගමනයන් වැඩි කරනු ඇත. මසකට ආගමනයන් 30,000 ක ආරම්භක ඉලක්කයේ සිට පසුව 60,000 දක්වා වැඩිවීම තුලින් අත්‍යාවශ්‍ය ව්‍යාපාරික ගමන්, විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් ආපාසු පැමිණිම සහ අවම ප්‍රමාණයෙන් සංචාරකයන් සඳහා මඟ පැදෙනු ඇත.
  3. පීසීආර් පරීක්ෂණ කිරීම, සුදුසු පරිදි ප්‍රතිදේහ සඳහා පරික්ෂණ තුලින් අනුපූරක වනු ඇත. 
  4. එන්නතක් ගෝලීය වශයෙන් ලැබීමට ගතවන අවම කාලය වන මාස 12 ආවරණය වන පරිදි 2021 අප්‍රේල් දක්වා පරීක්ෂන කිරිමේ වැඩසටහන පවත්වා ගැනීම.

ජාතික කෝවිඩ් පාලන මැදිහත්වීම්

පහත සඳහන් ක්‍රියාමාර්ග සියල්ලක්ම අප විසින් ඒකාබද්ධව කල යුතුය:

  1. දිගුකාලීනව ප්‍රජා සම්ප්‍රේෂණය විමේ අවදානම වලක්වා ගනිමින්, වෙනත් ක්‍රම ආරක්ෂිතව කල හැකි වනසේ, දේශ සීමා පාලනය තුලින් ආසාදිතයන් රටට ඇතුල්වීම අවම කිරීම.
  2. වෛරසය සම්ප්‍රේෂණය අවම කිරීම සඳහා සියළුම සෘජු හා වක්‍ර සම්බන්ධතා සොයා ගැනීම සහ පරීක්ෂා කිරීම.
  3. සියළුම සොයාගත් ආසාදිතයින් හා ඔවුනට ආනාවරණය වු සම්බන්ධතා පැවැත්වුවන් පාලනය කිරීම සඳහා, ඵලදායී නිරෝධායනය හා වෙන්කර තැබීම.
  4. රෝග ව්‍යාප්තිය පිළිබඳ පූර්ව අනතුරු සංඥා කිරීම සඳහා පීසීආර් පරීක්ෂණය මත පදනම් වු ජනගහනය නිරීක්ෂණය.
  5. වසංගතය අවසන් වන තුරු ස්ථිර පදනමක් මත සමාජ දුරස්ථකරණය වැඩි කිරීමට පියවර.
  6. තර්ජනාත්මක වසංගත පාලනය සඳහා, අතිරේක ක්‍රම ලෙස ඉලක්ක ගත පාසල් වසා දැමීම,අභ්‍යන්තර සනීපාරක්ෂක ක්‍රමෝපාය සහ අඟුලු දැමීම තබා ගැනීම.

කොවිඩ් පරීක්ෂණ කිරීමේ  වැඩසටහන

මෙහි “සියල්ල” යනු රාජ්‍ය හා පෞද්ගලික අංශය යන දෙකයි.

  1. විදේශයන් සිට පැමිණෙන සියලු දෙනාම PCR පරීක්ෂණයට භාජනය කිරීම හා දින 14 ක නිරෝධානය. සියලු දෙනාම පරීක්ෂා කිරීමට පද්ධතියේ ඇති ධාරිතාව මත පැමිණෙන්නන් සීමා කිරීම. “ආරක්ෂිත” පැමිණෙන්නන් සඳහා වු අනිවාර්ය නිරෝධායනය ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉවත් කිරීම හා “අධි අවදානම්” පැමිණෙන්නන් සඳහා පමණක් PCR පරීක්ෂණය කිරීම. විදේශයන් සිට පැමිණෙන්නන්ගේ අවදානම් තක්සේරුව පදනම් කරගත යුත්තේ, ආරම්භක රට, සෞඛ්‍ය තත්ව පරීක්ෂණ ප්‍රථිපල හා වෙනත් තොරතුරු ඒකාබද්ධ කර ගෙනය.
  2. නව ආසාදිතයින් (රෝග ලක්ෂණ නොමැති අය ඇතුළුව ) සමඟ කිට්ටු සම්බන්ධතා පැවැත්වුවන් සියළු දෙනාම PCR පරික්ෂණයට භාජනය කලයුතු අතර, කිට්ටුම සම්බන්ධ නොවු/ ද්වීතියික සම්බන්ධ වුවන් සියළු දෙනාම ප්‍රතිදේහ පරීක්ෂාවට භාජනය කල යුතුයි.
  3. දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් කරන සියළුම රෝගීන් PCR පරීක්ෂාවට භාජනය කිරීම.
  4. සියලුම නියුමෝනියාව/ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් PCR පරීක්ෂාවට භාජනය කිරීම.
  5. බෝවන සම්භවයක් ඇති බවට සැක කෙරෙන සියලුම රෝහල් මරණ PCR පරීක්ෂණයට භාජනය කිරීම.
  6. උණ සහ ශ්වසන රෝග ලක්ෂණ ඇති සියළුම බාහිර රෝගීන්ගේ හෝ ක්‍රමානුකුල නියැදියක රෝගීන්ගේ කෙල PCR පරීක්ෂණයට භාජනය කිරීම. උදා: නම් කරන ලද නිරික්ෂණ මධ්‍යස්ථාන හෝ ආදාළ ආසාදියින්ගේ 20% ක අහඹු නියැදියක්.
  7. රෝග නිර්නායක වලට නොගැලපෙන නමුත් සායනික සැක කිරීමට පදනම් වු රෝගීන් සඳහා PCR පරීක්ෂණය ඇනවුම් කිරීමට වෛද්‍යවරුන්ට අවකාශ සැලසීම.
  8. ප්‍රජාව තුල සිටින නියුමෝනියා පොකුරු සඳහා PCR පරීක්ෂණය/ප්‍රතිදේහ පරික්ෂණය කිරීම.
  9. මුදා හැරීමට පෙර, සුවය ලැබු සියලුම කොවිඩ් රෝගීන් සඳහා PCR පරීක්ෂණ දෙකක් කිරීම.

පරිවර්තනය:  වෛද්‍ය සරත් සමරගේ

2020 අප්‍රියෙල් 8 දින යාවත්කාලීන කරන ලද පරිගණක පරිවර්තන වෙනුවට සංස්කරණය කළ පරිවර්තනයකි.

 

ජාතික COVID PCR පරීක්ෂණ අවශ්‍යතා පිළිබඳ අපගේ ඇස්තමේන්තු – හැඳින්වීම

ශ්‍රී ලංකාවට අද වඩාත්ම හදිසි අවශ්‍යතාව වී තිබෙන්නේ පරීක්ෂණ අනුපාතය වැඩි කිරීම යි. දිනකට පරීක්ෂණ 250 ක් පමණ වන වර්තමාන පරීක්ෂණ අනුපාතය එක හෙළා ප්‍රමාණවත් නොවේ. එය භූතානය, මාලදිවයින සහ වියට්නාමය වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩා බෙහෙවින් අඩු ය. අප කොපමණ ප්‍රමාණයක් පරීක්ෂා කළ යුතුදැයි බොහෝ අය අපෙන් විමසා ඇත. අප්‍රේල්  මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කළ යුතු RT-PCR පරීක්ෂණ ධාරිතාව අරභයා අපගේ මුලික ඇස්තමේන්තු පිළිබඳ තොරතුරු මම මෙහි පළ කරන්නෙමි. එසේ කිරීමට පෙර, ආරම්භක වචන කිහිපයක්. Continue reading