සැබෑ නායකත්වයක් පෙන්වූ බ්‍රැන්ඩික්ස් ආයතනයට අපගේ ප්‍රණාමය!

කොවිඩ්-19 අර්බුදයට ප්‍රතිචාර වශයෙන් විධායක මට්ටමේ වැටුප් විශාල වශයෙන් කප්පාදු කරන බව බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක අෂ්රොෆ් ඕමාර් සිය කාර්ය මණ්ඩලයට පැවසීය. ප්‍රධාන විධායක නිලධාරි ඕමාර් මහතාගේ සහ සියලුම අධ්‍යක්ෂක මණ්ඩල සමාජීකයන්ගේ වැටුප් බ්‍රැන්ඩික්ස් සමාගම මාස 6 කට අත්හිටුවනු ඇති අතර සියලු කළමනාකරුවන්ගේ වැටුප 5% සිට 60% දක්වා අඩු කිරීමට තීරණය කර ඇත. Continue reading

කොරෝනා අර්බුදය ඉක්මනින් අවසන් නොවන ලකුණු-අප දිගු සටනකට සුදානම් විය යුතුයි.

වර්තමාන අගුලු දැමීම (අප රටට පමණක් නොව ලොව පුරා බිලියන 2ක ජනතාවට බලපාන) තුලින් කොවිඩ්-19 කොතරම් බරපතලද යන්න සෑම කෙනෙකුටම පැහැදිලි විය යුතුයි. බොහෝ දෙනා තවමත් තේරුම් ගෙන නැත්තේ ගුවන් තොටුපල වසා දැමිමෙන් සහ මාසයක් අගුළු දැමිමෙන් පවා මෙම ගැටලුව පහව නොයන බවය. Continue reading

කොවිඩ්-19 රෝගීන් සොයන පරීක්ෂණ වැඩි කිරිම වඩා ඵලදායී බව පිරිවැය ප්‍රතිලාභ විශ්ලේශණය පෙන්වා දෙයි.

අගුලු දැමීම (ජාතික ඇඳිරි නීතිය, නිවසේ සිට වැඩ කිරීම, පාසැල් වසා දැමීම) සහ විදේශයන්හි සිට පැමිණෙන්නන් ඇසුරු කල අය සක්‍රියව සොයා යෑම වර්තමාන රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට සාර්ථක විය හැකි අතර දින 10 ක් ඇතුලත නව ආසාදිතයින් බිංදුව දක්වා ගෙන ඒමට හැකි වනු ඇත.නවතම දත්තවල එය සිදුවන බවට ලකුණු තිබේ. 

වෛරසය ව්‍යාප්ත වීම නැවැත්වීමට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපාය මාර්ග වලට හැකි වනු ඇත. නමුත්, එය ප්‍රමාණවත් නොවන අතර දිගටම දරාගත නොහැකි විය හැකිය. ආර්ථිකය ඇණ හිට ඇත, විරැකියාව ඉහළ යනු ඇත, ව්‍යාපාර බංකොලොත් වනු ඇත,  ජීවන තත්වයන් පහත වැටෙනු අතර රජයට ආදායම නැතිව යනු ඇත. සාමාන්‍ය ජීවිතය නැවත ආරම්භ කිරීමට සහ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ව්‍යාපාර සහ පාසල් නැවත විවෘත කිරීමට අප ඉඩ සලසා දිය යුතුය. Continue reading

covidsl – නිල නොවන ශ්‍රී ලංකා කොරෝනා වයිරස් ට්‍රැකර් ය

කියෝතෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වන ඉසංකා විජරත්න විසින් සංවර්ධනය කරන ලද ශ්‍රී ලංකා COVID සිද්ධීන් පිළිබඳ අඛණ්ඩව යාවත්කාලීන කරන ලද ට්‍රැකර් එකක් අපට හමු විය: http://covidsl.com. එය සම්පූර්ණ සිදුවීම්වල වර්තමාන හා වෙනස්වීම්, පරීක්ෂණ සහ සුවය ලැබූ රෝගීන් වාර්තා කරයි. Continue reading

මේ බ්ලොග් අඩවිය කුමක් සඳහා ද?

මම දීර්ඝ කාලයක් තිස්සේ කල්පනා කරමින් සිටියේ ඉඳහිට පෞද්ගලික අදහස් සහ පර්යේෂණ සටහන් බෙදා ගැනිමට බ්ලොග් අඩවියක් කළ යුතු බවයි. කාලය නොමැතිකමත්, මුදල් හිඟකමත් නිසා සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අප විශාල වැඩ කොටසක් කලත් බොහෝ විට එම තොරතුරු හුවමාරු කර නොගැනේ. එම නිසා අවධිමත් ලෙස හෝ තවකාලිකව තොරතුරු බෙදා ගැනීමට බ්ලොග් අඩවියක් ඇති කිරීම හොඳ අදහසක් සේ පෙනුනි. අප ආයතනයේ තිබු කාර්යබහුලකම නිසා මේ සඳහා මට අවධානය යොමු කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණකි. කෙසේ නමුත්, කොවිඩ්-19 අර්බුදය සමඟ 13 වැනි සිකුරාදා අසුභ දිනක් ලෙස සැලකුවත් මෙය ආරම්භ කිරීමට මෙය හොඳම කාලය බව මට සිතුනි. මෙය අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමට ඉඩක් සැලසීම සඳහා වු අත්හදා බැලීමක් වන අතර, අන් අයට මෙය ප්‍රයොජන්වත් වනු ඇතැයි සිතමි. එය එසේ නම්, ඒ පිළිබඳව ඔබ කැමැති ඇකැමැති දේ මා හට දන්වන්න.

රවී
කොළඹ
2020 මාර්තු 13 වැනි සිකුරාදා

පරිවර්තනය: වෛද්‍ය සරත් සමරගේ