ප්‍රථම ජාතික කොවිඩ් අධ්‍යයනය, ශ්‍රී ලංකාවේ ප්‍රජා සමීක්ෂණ සඳහා ඇති අභියෝග පෙන්වා දෙන අතර, සමූහ ප්‍රතිශක්තිය (Herd Immunity) ක්‍රියාත්මක නොවන්නේ ඇයි දැයි පෙන්වා දෙයි

කොවිඩ්-19 ආසාදනය පිළිබඳව ලෝකයේ ප්‍රධාන රටක කරන ලද ප්‍රථම ජාතික සමීක්ෂණයේ ප්‍රතිඵල ඔස්ට්‍රියාව විසින් පසුගිය අප්‍රේල් 10 වන දින ප්‍රකාශයට පත් කරන ලදී. රට දරුණු වසංගතයකින් පෙළෙන නමුත්, ඔස්ට්‍රියානුවන් සියයකින් එක් අයෙකු පමණක් ආසාදනය වී ඇති බව පෙනේ. ඕනෑම බුද්ධිමත් රටක කොවිඩ්-19 සඳහා සුදුසුම උපායමාර්ගය සමූහ ප්‍රතිශක්තිය යන අදහස මෙම ප්‍රතිඵල වලින් බිඳ දමයි. ශ්‍රී ලංකාව වැනි රටවල ප්‍රජා ව්‍යාප්තිය පිළිබඳ සමීක්ෂණ පැවැත්වීම සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දෙන බව ද ඔවුහු යෝජනා කරති.

සොයා නොගත් ආසාදිතයින් හා සමූහ ප්‍රතිශක්තිය

මේ වන විට, කොවිඩ්-19 මගින් රටක පුද්ගලයින් කොපමණ සංඛ්‍යාවක් ආසාදනය වී ඇත්ද යන්න පිළිබඳ සියලු ඇස්තමේන්තු පදනම් වී ඇත්තේ, සොයා ගත් රෝගීන් සංඛ්‍යාව සහ නිවැරදි සංඛ්‍යාව තක්සේරු කිරීම සඳහා එම දත්ත භාවිතා කරන විවිධ ගණනය කිරීම් මතය.මෙයට හේතුව නිවැරදි ආසාදන සංඛ්‍යාව පරීක්ෂා කර සොයා ගන්නා ආසාදන සංඛ්‍යාවට වඩා වැඩි වීමයි. බොහෝ ආසාදිත පුද්ගලයන් කිසි විටකත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර, වෛද්‍යවරයකු හමුවන්නේ ද නැත. බොහෝ රටවල් ප්‍රමාණවත් පරිදි පුද්ගලයින් පරීක්ෂණයට භාජනය නොකරයි. චීනයේ වසංගතය විශ්ලේෂණය කිරීමෙන් සාමන්‍යයෙන් යෝජනා කර ඇත්තේ ආසාදිත පුද්ගලයන්ගේ සෑබෑ සංඛ්‍යාව, නිල රෝගීන් සංඛ්‍යාව මෙන් දෙගුණයක් හෝ පස් ගුණයක් බවයි. 

අවාසනාවකට මෙන්, මෙම සංඛ්‍යා තක්සේරු කිරීමේ දුෂ්කරතාවය නිසා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බවට අනුමාන කිරීමට පෙලඹීමයි. දත්තයන් නොමැතිව උපකල්පනයන් මත පමණක් පදනම් වු එක් මතභේදනාත්මක අධ්‍යයනයකින් ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන්ගේ මතය වූයේ, බ්‍රිතාන්‍ය ජනගහනයෙන් බහුතරයක් දැනටමත් ආසාදනය වී ඇති බවයි. මෙය වැදගත්වන්නේ ඔක්ස්ෆර්ඩ් අස්තමේන්තු නිවැරදි නම්, ඔවුන් යෝජනා කරන්නේ එක්සත් රාජධානිය කොවිඩ්-19 සඳහා සමුහ ප්‍රතිශක්තිය ලඟා කර ගැනීමට ආසන්න බවත්, වර්තමාන ආසාදන රැල්ල අවසන් වු පසු දෙවන ආසාදන රැල්ලට මුහුණ නොදිය යුතු බවත්ය.

සමූහ ප්‍රතිශක්තිය පිළිබඳ උපාය මාර්ගය පිටුපස ඇති අදහස නම්, අගුලු දැමීම වලක්වා ගැනීම නවතා, ඒ වෙනුවට ජනගහනය පුරා වෛරසය පැතීරීමට ඉඩදීම සුදුසු බවය. ඒ මක්නිසාද යත් වැඩි ප්‍රමාණයක් ආසාදනය වීමයි. එම අවස්ථාවේදී, ආසාදනය වීමට නව පුද්ගලයින් සොයා ගැනීම දුෂ්කර වීම නිසා, වෛරසය පැතිරීම මන්දගාමී වනු ඇත. අප සමූහ ප්‍රතිශක්තිය යනුවෙන් හඳුන්වන තත්වය ලඟා කර ගැනීම සඳහා කොවිඩ්-19 ට ආදාල මට්ටම වනුයේ ජනගහනයෙන් 60% ට වඩා වීමයි.

මා මෙයට කලින් ලියා ඇති පරිදි, මෙය කොතැනකවත් සිදු නොවනු ඇත. මක් නිසාද යත්, සමූහ ප්‍රතිශක්තිය ලඟාකර ගැනීමට බොහෝ කලකට පෙර, ගොඩ ගැසෙන මළ සිරුරු ගණන නිසා, තම උපාය මාර්ගය වෙනස් කිරීමට ඕනෑම රජයකට බල කෙරෙන නිසාය. කෙසේ වෙතත්, මෙම අදහස දිගටම පවතින්නේ ආසාදිත පුද්ගලයන්ගේ සෑබෑ සංඛ්‍යාව කුමක් දැයි මේ දක්වා කිසිවෙකු දැන නොසිටින බැවිනි.

ඔස්ට්‍රියාව කල දේ

ආසාදිත පුද්ගලයන්ගේ නිවැරදි සංඛ්‍යාව දැන ගැනීමට නම්, රටක් එහි ජනගහනයෙන් විශාල අහඹු නියැදියක් පරීක්ෂණ වලට භාජනය කල යුතුය. ඔස්ට්‍රියාව දැන් මෙය සිදුකර ඇත. අප්‍රේල් 1 සිට 6 දක්වා කාලය තුල, පර්යේෂකයින් අහඹු ලෙස රට පුරා පුද්ගලයින් 1,544 ක් රෝහල් ගත නොවු අය අතරින් තෝරා ගෙන RT-PCR     පරීක්ෂණය භාවිතා කරමින් සක්‍රියව කොවිඩ්-19 ආසාදනය සඳහා පරීක්ෂා කළහ. මෙය ළදරුවන් අතුලු සෑම වයස් කාණ්ඩයක්ම ඇතුලත්, 77% සහභාගීත්වයක් ඇතිව, හොඳ නියැදිකරණයක් සහ විශ්ලේෂණ සැලැස්මක් ද ඇතිව කරන ලද උසස් ගුණාත්මකභාවයෙන් යුතු සමීක්ෂණයක් ලෙස පෙනේ. 

අප්‍රේල් මස මුලදී, ඔස්ට්‍රියානුවන් 29,000 ක් හෝ ජනගහනයෙන් 0.32%  ක් පමණ තීව්‍ර ලෙස කොවිඩ්-19 න් ආසාදනය වී ඇති බව අධ්‍යයනයෙන් පූරෝකතනය කර ඇත[1]. මෙම කාලය තුලදීම නිල වශයෙන් වාර්තා කල නව ආසාදිතයින් 2,100 සහ තහවුරු කරන කරන ලද 8,500 ක් සක්‍රිය ආසාදිතයින් ගණන හා සැසඳේ.

සමූහ ප්‍රතිශක්තිය සඳහා බලපාන සාධක

නියැදිකරනයෙන් පැන නගින අවිනිශ්චිතතාවයන් සහ වසංගත කාලය තුල PCR  පරීක්ෂණයේ සංවේදිතාවයේ අඩුවීමක් සැලකිල්ලට ගත් විට පෙනී යන්නේ, මේ දක්වා ඔස්ට්‍රියාවේ වැසියන්ගෙන් 1% ක් පමණක් ආසාදනය වී ඇති බවත්,නිල වශයෙන් ප්‍රකාශ කර ඇති ආසාදිත සංඛ්‍යාව මෙන් දෙතුන් ගුණයක් වැඩි බවත්ය. තුනක් වු මෙම අනුපාතය විශ්වාසවන්ත වන්නේ, චීනයේ වසංගතය සඳහා වසංගතවේදීන් සොයා ගත් සංඛ්‍යාවන්ට හා සැසඳෙන හේතුවෙනි. 

මෙයින් තර්කානුකූලව අදහස් වන්නේ, ඔස්ට්‍රියානුවන්ගෙන් 99% ක් ආසාදිත නොවී සිටින බවයි. ඔස්ට්‍රියාවේ වර්තමාන වසංගතයේ බලපෑමද පිළිගත නොහැකි බැවින්, සමූහ ප්‍රතිශක්තිය පිළිබඳ උපාය මාර්ගය ක්‍රියාත්මක වීමේ අපේක්ෂාවන්ද අල්පය. විද්‍යාවෙන් දැනුවත්වු නායකත්වයක් පිළිබිඹු කරමින්, ඔස්ට්‍රියානු චාන්සලර්වරයා සෙබස්තියන් කර්ස් ප්‍රසිද්ධියේ සඳහන් කලේ, කල හැකි ප්‍රතිපත්ති විකල්පයක් ලෙස සමූහ ප්‍රතිශක්තිය පිළිබඳ අදහස අනුමත නොකරන බවයි. විද්‍යා ඇමැති හයින්ස් ෆස්මාන් අදහස් දක්වමින් කියා සිටියේ මේ ප්‍රතිපත්තිය පිළිබඳ අඩු අනුපාතයෙන් අවබෝධ වන්නේ, අඛණ්ඩ පාලනයෙන් තොරව වෛරසය ඔස්ට්‍රියාව තුල ගුණාකාර  ලෙස පැතිරීමේ අඛන්ඩ අවදානමක් පවතින බවයි. “කන්ද බලාපොරොත්තු වූවාට වඩා උසයි. අපි තවමත් ආරක්ෂිත පැත්තේ නැහැ” ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රජා ව්‍යාප්ති සමීක්ෂණ සඳහා බලපෑම

ඔස්ට්‍රියානු සමීක්ෂණයට (N=1,544) හැකි වුයේ තීව්‍ර ආසාදන අනුපාතය ඇස්තමේන්තු කිරීමට යන්තම් ප්‍රමාණවත්වන ආසාදිතයින් ප්‍රමාණයක් සොයා ගැනීමටයි. මගේ හොඳම අනුමානය නම් එය හඳුනා ගත්තේ දහයකට අඩු ආසාදිතයින් ප්‍රමාණයක් (තාක්ෂණික වාර්තාව තවමත් ප්‍රකාශයට පත්කර නැත ) ජාතික මට්ටමේ අස්තමේන්තුවකට වඩා වැඩි යමක් කිරීමට මෙය ඉතාමත් අඩු සංඛ්‍යාවකි.

ඔස්ට්‍රියාවේ වසංගතය ඇත්ත වශයෙන්ම චීනයේ හුබෙයි පලාතේ එකට වඩා ඉතා දරුණුය. ඔස්ට්‍රියාවේ සහ යූරෝපයේ බොහෝ ප්‍රදේශ වල වාර්තා වු ආසාදන ප්‍රමාණය හුබෙයි ඉක්මවා ගොස් ඇති අතර, දැන් එය ශ්‍රී ලංකාවට වඩා සිය ගුණයකින් වැඩිය.( පහත ප්‍රස්ථාරය බලන්න ) මෙයින් කියවෙන්නේ ඔස්ට්‍රියානු සමීක්ෂණයට වඩා විශාල නියැදි ප්‍රමාණ නොමැතිව ශ්‍රී ලංකාවේ මෙවැනි ආසාදනය පිලිබඳ ජාතික සමික්ෂණයක් ප්‍රයෝජනවත් නොවන අතර එහිදී RT-PCR පරීක්ෂණ භාවිතා කිරීම අතිශයින්ම මිල අධික වනු ඇත. 

වෙනත් කලහැකි විකල්පයක් වන්නේ ප්‍රතිදේහ පරීක්ෂණය භාවිතා කිරීමයි.එය RT-PCR පරීක්ෂණයට වඩා බෙහෙවින් ලාභදායී වන නමුත්, ශ්‍රී ලංකාවේදී ඇගයීමට ලක්කර ඇති කිහිපයක් ඇතුළුව බොහෝ පරීක්ෂණ කට්ටල වල එකිනෙක අතර ඇති වෙනස්කම් ද, අඩු ගුණාත්මකභාවයද සැලකිය යුතු ගැටලුවකි. 

ප්‍රතිදේහ පරීක්ෂණය මගින් අතීත ආසාදන හා ලබාගත හැකි ප්‍රතිශක්තිය මෙන්ම සක්‍රිය ආසාදන වල අවසාන අවධියද අනාවරණය කරයි. යූරෝපයේ මුලදීම වසංගතය පැතුරුන ජර්මනියේ දිස්ත්‍රික්කයක[2] මෑතකදී කරන ලද ප්‍රජා සමික්ෂණයක මූලික ප්‍රතිඵල වලට අනුව ප්‍රතිදේහ ඇති පරීක්ෂණ 7 කට, ආසාදිත බව තහවුරු වුනු PCR   පරීක්ෂණ 1 ක් යන අනුපාතය වාර්තා විය. මෙය අනුගමනය කරමින් ප්‍රතිදේහ පරික්ෂණ 1 ක් යන අනුපාතය වාර්තා විය.  මෙය අනුගමනය කරමින් ශ්‍රී ලංකා සමීක්ෂණයක් කරන්නේ නම්, ප්‍රමාණවත් ආසාදිතයින් ප්‍රමාණයක් හඳුනා ගැනීමට ඔස්ට්‍රියානු සමීක්ෂණය මෙන් 10-20 ගුණයක් විශාල විය යුතුයි. ජර්මනිය ප්‍රතිදේහ පරීක්ෂණ මගින් මේ ආකාරයේම ජාතික සමීක්ෂණයක් දියත් කර ඇති නමුත් එහි නියැදියේ ප්‍රමාණය විශේෂයෙන් සතියකට පරීක්ෂණ 100,000 වන අතර එය අපට වික්ල්පයක් නොවේ.

මෙයින් අදහස් කෙරෙන්නේ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිදේහ ව්‍යාප්තිය පිළිබඳ සමීක්ෂණ ප්‍රයෝජනවත් වනු ඇත්තේ ඉතා ඉහල ආසාදන අනුපාතයක් ඇතිවිය හැකි විශේෂිත අවස්ථාවන්හි දී පමණක් වන අතර අපට පරික්ෂණ කට්ටල වල ගුණාත්මක භාවය සහතික කල හැකි නම් පමණි. මෙම අවස්ථාවන් අතරට සෞඛ්‍ය සේවකයින් සුපරීක්ෂණය සහ සති දෙකකට පෙර ආසාදිතයින් හා කිට්ටු සබඳතා පැවැත්වූවන් සොයා ගැනීම ඇතුලත් වේ. සිංගප්පුරුව මෙම පරීක්ෂණ පවත්වන්නේ මේ අවසානයට දැක්වු අවස්ථාවන් සඳහාය.

සටහන: 

  1. දෝශ ඇතිවිය හැකි පරතරය ආසාදිතයින් 10,200 සිට 67,400 හෝ ජනගහනයෙන් 0.12% සිට 0.76% දක්වා
  2. තහවුරු වු රෝගීන්ගේ අනුපාතය සෙසු ජර්මනියට වඩා ඉහළ අගයක් ගන්නා හයින්ස්බර්ග් දිස්ත්‍රික්කය සහ හුවෙයි හි අනුපාතය මෙන් 6 ගුණයක් පමණ වේ.

සංශෝධන

2020 අප්‍රේල් 15: ප්‍රතිදේහ පරික්ෂණ කට්ටලවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු වඩාත් පැහැදිලි කිරීම සඳහා යාවත්කාලීන කරන ලද අතර, එක්සත් ජනපද රසායනාගාර විශේෂඥයින්ගේ අදහස් පිළිබඳ යොමුව දැක්වීම සඳහා.

පරිවර්තනය: වෛද්‍ය සරත් සමරගේ

2020 අප්‍රියෙල් 14 දින යාවත්කාලීන කරන ලද පරිගණක පරිවර්තනය වෙනුවට සංස්කරණය කළ පරිවර්තනයකි.