මේ බ්ලොග් අඩවිය කුමක් සඳහා ද?

මම දීර්ඝ කාලයක් තිස්සේ කල්පනා කරමින් සිටියේ ඉඳහිට පෞද්ගලික අදහස් සහ පර්යේෂණ සටහන් බෙදා ගැනිමට බ්ලොග් අඩවියක් කළ යුතු බවයි. කාලය නොමැතිකමත්, මුදල් හිඟකමත් නිසා සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අප විශාල වැඩ කොටසක් කලත් බොහෝ විට එම තොරතුරු හුවමාරු කර නොගැනේ. එම නිසා අවධිමත් ලෙස හෝ තවකාලිකව තොරතුරු බෙදා ගැනීමට බ්ලොග් අඩවියක් ඇති කිරීම හොඳ අදහසක් සේ පෙනුනි. අප ආයතනයේ තිබු කාර්යබහුලකම නිසා මේ සඳහා මට අවධානය යොමු කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණකි. කෙසේ නමුත්, කොවිඩ්-19 අර්බුදය සමඟ 13 වැනි සිකුරාදා අසුභ දිනක් ලෙස සැලකුවත් මෙය ආරම්භ කිරීමට මෙය හොඳම කාලය බව මට සිතුනි. මෙය අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමට ඉඩක් සැලසීම සඳහා වු අත්හදා බැලීමක් වන අතර, අන් අයට මෙය ප්‍රයොජන්වත් වනු ඇතැයි සිතමි. එය එසේ නම්, ඒ පිළිබඳව ඔබ කැමැති ඇකැමැති දේ මා හට දන්වන්න.

රවී
කොළඹ
2020 මාර්තු 13 වැනි සිකුරාදා

පරිවර්තනය: වෛද්‍ය සරත් සමරගේ