කොවිඩ් “තුරන් කිරීම”…”සිඳබිඳ දැමීම” කල හැකි අතර, මෙම රටවල් සැබෑ සුපිරි තරුය.

කොවිඩ්-19 වෛරසය පිළිබඳව මූලික සංඛ්‍යා පෙබරවාරි මැද භාගයේ දී පැහැදිලි වු දා සිට, සෑම රටක්ම එහි පැතිරීම පාලනය කිරීමට උත්සාහ කරන බව පැහැදිලිය. රටක් හරහා වෛරසය පාලනයකින් තොරව, බිහිසුණුව පැතිර යාමට ඉඩ දීමට විකල්පයක් පිළිගැනීම කොතරම් මුරණ්ඩු හෝ මෝඩ වු රජයකට අපහසු තත්වයක් වනු ඇත.

අවාසනාවකට මෙන්, රටවල් විසින් අනුගමනය කළ හැකි විවිධ උපාය මාර්ග පිළිබඳව විශාල ව්‍යාකූලතාවයක් ඇති අතර, මාධ්‍ය හා විශේඥයින් නව වචන මාලාවක් ප්‍රකාශයට පත්කර ඇතිවා මෙන්ම ඒවා නොගැලපෙන ලෙස භාවිතා ද වේ. “වක්‍රය සමතලා කිරීම”, “මිටිය සහ නර්ථනය”, අවම කිරීම, තුරන් කිරීම, මර්ධනය කිරීම,.. යන අපගේ නව ලෝකයට සාදරයෙන් පිළිගනිමු. නමුත් අවසානයේ දී මෙම සියලු උපායමාර්ගයන් දෙකක් දක්වා අඩුවේ. ඒ “අවම කිරීම” සහ “තුරන් කිරීම” වන අතර, මෙයින් රටවල් තෝරාගන්නේ කුමක්ද යන්න රඳා පවතින්නේ, දිගුකාලීන ප්‍රතිලාභ සඳහා ඔවුන් කොතරම් කෙටි කාලීන වේදනාවක් විදීමට කැමති ද යන්න මතය.

අවම කිරීම

පද්ධතියේ තීරණාත්මක කොටස අබිබවා නොයන මට්ටමකට වෛරසය අඩු කිරීම “අවම කිරීමේ” අරමුණයි. රටකට දැඩි සත්කාර ඒකක ඇඳන් කීයක් තිබේද යන්න පොදු බලාපොරොත්තුවක් වුවත්, රටකට ආසාදිතයන් සොයාගැනීමේ ධාරිතාව හා පරීක්ෂණ කිරීමේ ධාරිතාව කොපමණ වේ ද යන්නත් ඇතුලත් විය යුතුය. අවම කිරීමේ ක්‍රමෝපාය තුලින් වෛරසය අඛන්ඩව පැතිරීම පාලනය වුවත්, ඉලක්කය වන්නේ පද්ධතියට මුහුණ දිය නොහැකි මට්ටමට වඩා ඉහළ මට්ටමකට යෑම වලකා ගැනීමයි. මේ හේතුව නිසා එය “වක්‍රය සමතලා කිරීම” ලෙස ද හැඳින්වේ. ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යූරෝපය ඇතුළු බොහෝ රටවල් මෙම ප්‍රවේශය අනුගමනය කර ඇත.

“අවම කිරීම” ක්‍රියාත්මක කිරීම සඳහා, රටක් පළමුව වෛරසය පැතිරීම මන්දගාමී කළ යුතු අතර, නව ආසාදිතයන් ගණන අඩුකර ගත යුතුය. අනතුරුව සංඛ්‍යාවන් කළමනාකරණය කර ගත හැකි යයි තක්සේරු කරන විට, දිනපතා සැලකිය යුතු නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් සමඟ ජීවත් වන අතර, ආර්ථිකය විවෘත කිරීම සඳහා පනවා ඇති සීමාවන් ක්‍රමයෙන් ලිහිල් කල හැකිය. ප්‍රායෝගිකව මෙය එහි අවසානය නොවේ. ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමට පටන් ගන්නා සෑම අවස්ථාවකදීම ඒවා කළමනාකරණය කර ගත හැකි මට්ටමකට ගෙන් ඒමට වරින් වර සීමාවන් තද කිරීමට එම රටවලට සිදුවනු ඇත. මෙම අරීම්-වැසීම-ඇරීම යන ප්‍රවේශය තුල, බොහෝමයක් බටහිර ආර්ථිකයන් සැලකිය යුතු කාල පරාසයක් තුල “අගුළු දැමීම” යටතේ පැවැත්වීමට සිදුවනු ඇති බව ඇස්තමේන්තු කර ඇත. නමුත් එය ඔවුන්ගේ ආර්ථිකයන් වේගයෙන් විවෘත කිරීමට ඉඩ සලසයි.

තුරන් කිරීම

“තුරන් කිරීම: ක්‍රමෝපාය අරමුණු කරන්නේ, රට තුල සැලකිය යුතු අඛන්ඩ වෛරස සම්ප්‍රේෂණය සම්පුර්ණයෙන්ම නතර කිරීමයි. එය ඇතැම් විට “යටපත් කිරීම” යන නමින්ද හඳුන්වා දී ඇති අතර, ” මිටිය හා නර්තනය” (Hammer and Dance) ලෙස ද හඳුන්වා දී ඇත. මෙය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහෙය වු ප්‍රවේශයක් වුව ද, සිලිකන් නිම්නයේ සිටින දත්ත විශ්ලේෂකයකු වන ටෝමස් පුඑයෝ විසින් තාර්කිත කරන ලද්දකි.

“තුරන් කිරීම” යන්නෙන් ආසාදිතයන් සංඛ්‍යාව ශුන්‍ය බව අදහස් නොකෙරේ. මුලින්ම විදේශයන්හි සිට පැමිණෙන්නන් අතර සිටින ආසාදිතයින් අඛණ්ඩව රටවලට සිටිනු ඇත. මෙම උද්ගල්යින් දේශීයව කිසිවෙකුට ආසාදනය ලබා නොදෙන තාක් කල්, මෙය ඒතරම් සැලකිය යුතු කාරණයක් නොවේ. දෙවනුව, සැඟවුන ආසාදිතයන් නිසා ඇතිවන අඛණ්ඩ දේශීය ව්‍යාප්තිය ඉතා අඩු මට්ටමක පවතිනු ඇත. මෙයට හොඳම උදාහරණය චීනයයි. දින ගණනාවක්ම දේශීය ආසාදිතයන් ගණන ශුන්‍ය වුවත්, චීනය දින කිහිපයකට වරක් එක් අයෙක් හෝ දෙන්නෙක් ඉඳහිට අඛන්ඩව වාර්තා කරයි. මෙය සිදුවන්නේ බොහෝ කොවිඩ් ආසාදන අනාවරනය නොවන නිසාය. සති 2 ක් හෝ 4ක් ආසාදිතයන් ශුන්‍ය බව සහතික නොකරයි. තුරන් කිරීමේ ක්‍රමෝපායක් තුල, අරමුණ වන්නේ හැකිතාක් දුරට දේශීය ආසාදියන් ගණන ශුන්‍යයට ආසන්නව ඒ කියන්නේ සතියකට හෝ මාසයකට එකක් දෙකක් මට්ටමට පවත්වා ගැනීමට හා මෙම සංඛ්‍යාවන් වැඩිවීම පාලනය කිරීමට ප්‍රමාණවත් පාලනයක් ස්ථාපනය කිරීමයි. චීනය, තායිවානය සහ නවසීලන්තය මෙම ප්‍රථිඵලය අරමුණු කරගෙන ඇත.

තුරන් කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා, දේශීය ආසාදන ශුන්‍ය හෝ ශුන්‍යයට ආසන්න මට්ටමකට ගෙන ඒම සඳහා රටක් විශාල මූලික උත්සාහයක් ගත යුතු අතර, අලුතින් අතිවන ආසාදිතයින් ගණන පැතලිව හා කලාතුරකින් ඇතිවීම වන පරිදි වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට අවශ්‍ය අඛන්ඩ ක්‍රමෝපායන් අවශ්‍යය. තාක්ෂනික වචන වලින් කිවහොත්, මෙයින් අදහස් කරන්නේ, ඵලදායී ප්‍රජනන සංඛ්‍යාව () ශුන්‍ය ආසාදිතයින් සංඛ්‍යාවකට ආසන්න වීමට අංක 1.0 ට සැලකිය යුතු පමණ අඩු කිරීමත්, ඉන් අනතුරුව නැවත වැඩි වීමට ඉඩ නොදී      අගය 1.0 හෝ ඊට පහළ මට්ටමක පවත්වා ගැනීමය.

රටවල් “තුරන් කිරීම” සඳහා නොයන්නේ ඇයි?

කොවිඩ් තුරන් කිරීම කල හැකි බව මාර්තු අග වන විට චීනය ඔප්පුකර තිබුණ ද, බොහෝ රටවල් තුරන් කිරීම අරමුණ කර නැත, එයට එක් හේතුවක් නම්, ආසාදිතයින් බිංදුවට ආසන්න සංඛ්‍යාවකට ගෙන ඒම සඳහා කෙටි කාලීන වේදනාවක් විඳිම වටින්නේ නැති බව ඔවුන් විශ්වාස කිරීමයි. සෑම දෙයක්ම වසා දැමීමට වඩා, වසංගතයක් සමඟ ජීවත් වීම සහ ව්‍යාපාර විවෘතව තබා ගැනීම වඩා හොඳ බව ඔවුන් විශ්වාස කරති. චීනයේ ආසාදිතයින් ගණන බිංදුව දක්වා ගෙන් ඒමට මිලියන 60 ක ජනගහනයක් ජීවත් වන හුබෙයි පළාතට මාස 3 ක් අගුළු දැමීමත්, රටේ සෙසු ප්‍රදේශ වල සැලකිය යුතු පාලනයක් පවත්වා ගැනීමත් අවශ්‍ය විය. එසේ නමුත්, හුබෙයි සඳහා මාස 3 ප්‍රමාණවත් නොවන බව පෙනී යන්නේ, පසුගිය දින කිහිපය තුල චීනය එහි නව ආසාදිතයින් පොකුරක් වාර්තා කළ බැවිනි. තවත් හේතුවක් නම්, චීනය කළ දේ කිරීම යථාර්ථවාදි නොවන බව රටවල් සිතීමයි.

ව්‍යාපාර හා ආර්ථිකය සඳහා වන පිරිවැය, තුරන් කිරීමට වඩා අවම කිරීමේදී අඩුය යන විශ්වාසය මා සිතන විදියට සම්පුර්ණයෙන්ම වැරදිය. නමුත්,මේ වසරේ අවපාතයෙන් ගැලවීමට ඉඩ ඇති එකම ප්‍රධාන ආර්ථිකය චීනය බව සඳහන් කිරීමෙන් ඔබ්බට අද මෙහිදී සාකච්ඡා නොකරමි. ඒ වෙනුවට චීනයේ තුරන් කිරීමේ සාර්ථකත්වය අනුකරණය කිරීම වෙනත් රටවලට කළ හැකි ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමට මට අවශ්‍යය. මෙයට පිළිතුරු සැපයිය හැකි එක ක්‍රමයක් නම්, “තුරන් කිරීමට අවශ්‍ය නව ආසාදිතයින් ගණන බිංදුවට ආසන්න මට්ටමකට වේගයෙන් ගෙන් ඒමට හැකි චීනය හැර වෙනත් රටක් වේද” යන්න විමසීමයි. මෙය විශේෂයෙන් අදාළ වන්නේ, ශ්‍රී ලංකාව ඇතුලු බොහෝ දෙනෙක් තවමත් “තුරන් කිරීම” යථාර්ථවාදී නොවන ලෙස බැහැර කිරීමයි. එසේම, ඕනෑම සාර්ථකත්වයකින් අපට ඉගෙන ගත හැකි පාඩම් තිබිය හැකිය.

“තුරන් කිරීම” සාර්ථක කරගත් චීනය හැර වෙනත් රටක් වේ ද?

ඇත්ත වශයෙන්ම, ජනමාධ්‍ය, පණ්ඩිතයන් සහ වෙනත් අය, ශ්‍රී ලංකාව ඇතුලු වෙනත් රටවල් “කොවිඩ් තරු” ලෙස නිතර ඉස්මතු කර දක්වති. අවාසනාවකට මෙන්, මෙම ප්‍රකාශයන් බොහෝ විට පිළිබිඹු කරන්නේ, සාර්ථකව ක්‍රියා කරන දේ පිළිබඳ අගතගාමී ලෙස දැකීමක්, ඇතැම් රටවල් උලුප්පා දැමීමට ඇති කැමැත්ත හෝ පිළිගත හැකි සාක්ෂි මත පදනම් නොවීමත්ය. උදාහරනයක් වශයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තවත් අය කොවිඩ් හොඳින් කළමනාකරණය කරන රටක් ලෙස ස්වීඩනය ගැන කතා කරති. නමුත් ප්වුන් එහි මරණ අනුපාතිකය සැලකිල්ලට නොගනිති. එය ලෝකයේ මරණ අනුපාතිකය ඉහළ රටකි.

මේ පිළිබඳව අපගේ ඇති නැඹුරුවට ඉඩ නොදී මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට නම්, දත්ත වලට කතා කිරීමට ඉඩ දිය යුතුයි. එබැවින්, මම සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ මගේ සගයින් කළේ ගෝලීය දත්ත එක් රැස් කර අප්‍රේල් අග වන විට එසේ කිරීමට සමත් වු රටවල් පිළිබඳව සොයා බැලීමයි:

(අ) මාර්තු මාසයේ තිබු ඔවුන්ගේ උපරිම ආසාදන අනුපාතිකයෙන් අඩු වශයෙන් 95% ක් වත් නව ආසාදිතයන්ගේ ප්‍රවණතාවය අඩු කිරීම සහ

(ආ) අප්‍රේල් අවසාන සතියේසී නව ආසාදිතයන් 10 ට අඩු වීම හෝ ආසාදිතයින් 100,000 කට වඩා අඩු අනුපාතයක් වීම.

අප අවධානය යොමු කරන්නේ ආසාදිතයින් සංඛ්‍යාවේ අඩු වීම ගැන නොව, අඩුවීමේ ප්‍රතිශතය වෙතය, මන්ද යත් වෛරස සම්ප්‍රේෂණය පාලනය කිරීම පිළිබඳව රටක උත්සාහයන් ගැන වඩා හොඳ දර්ශකයක් වීමය. (කොටුව බලන්න ) සංඛ්‍යාවන් කුඩාවන විට ප්‍රවණතාවය තක්සේරු කිරීම දුෂ්කර බැවින්, අප්‍රේල් මස අවසන් වන විට රෝගීන් 100 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වු රටවල් අප නොසලකා හැර ඇත. 

This is box title
කොවිඩ් සම්ප්‍රේෂණය වීමේ ස්වභාවය, එය ගුණාකාර ලෙස පැතිරීමයි. උදාහරණයක් ලෙස, සෑම නව කොවිඩ් ආසාදිතයෙක්ම සෑම දින හයකට වරක් තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ආසාදනය කරයි නම්, (තාක්ෂණික වචනය: Reff=2.0), සෑම දින හයකට වරක් නව ආසාදන සංඛ්‍යාව දෙගුණ වේ. එසේ නම් අප එක ආසාදිතයකුගෙන් ආරම්භ කළහොත්, දින හයකට පසු දෙදෙනෙකුත්, දින 12 කට පසුව නව ආසාදිතයන් 32 කුත් වනු ඇත.

ගුණාකාර සංඛ්‍යා පිළිබඳ නියමය කොවිඩ් වේගයෙන් පැතිරීමට උදව් කරන අතරම, වෛරස පැතිරීම අපට අඩුකල හැකි නම් එය වාසිදායක ලෙසද ක්‍රියා කරනු ඇත. නිදසුනක් වශයෙන්, මුහුණු ආවරණ එක ආසාදිතයකු මඟින් ඇතිවන නව ආසාදන සංඛ්‍යාව දෙක සිට අඩකින් (Reff=0.5) අඩු කළහොත් එවිට අපි දිනකට ආසාදන 32 කින් ආරම්භ කළහොත්, මසකට පසුව අපට ඇතිවන්නේ එක් නව ආසාදනයක් පමණි. මෙය ගුණාකාර වෙනසක් බැවින්, එයින් අදහස් වන්නේ, අප දිනකට ආසාදන අනුපාතය 320 ක් ලෙස ආරම්භ කළහොත්, එම මාසයේදීම දිනකට 10 ක් වැනි ආසාදන අනුපාතයකින් අප අවසන් වන බවයි.

මෙහිදී සැලකිය යුතු ප්‍රධාන කරුණ වන්නේ, 320 කින් පටන් ගෙන නව ආසාදිතයින් ගණන 310 කින් අඩු කරනවා මෙන්ම, 32 කින් පටන්ගෙන 31 දක්වා අඩු කිරීම තරම්ම අපහසු බවය. මුල් සංඛ්‍යාව කුමක් වුවත්, ඵලදායී ආසාදන පාලන ප්‍රතිපත්තියකින් නව ආසාදිතයින් සංඛ්‍යාව එකම ප්‍රතිශතයකින් අඩු කරනු ඇත. ඒවගේම අප ප්‍රමාණවත් කාලයක් මෙය ඉදිරියට ගෙන ගියහොත් වෛරසය අතුරුදහන් වනු ඇත.

අප්‍රේල් මස අවසන් වන විට ආසාදිතයින් 100 කට වඩා වාර්තා කර ඇති රටවල් 141 ක දත්තයන් විශ්ලේෂණය කිරීමේදී, අපගේ නිර්ණායක සපුරාලන රටවල් 14 ක් අපට හමු විය. මාර්තු සහ අප්‍රේල් අතර නව ආසාදිතයින් ගණන 95% කින් අඩු කිරීමට මෙම රටවලට හැකි වු අතර, ඔවුන්ගේ එම අඩු කිරීමේ අනුපාතය අනුව, ඔවුන් දැනටමත් එසේ කර නොමැති නම්, තවත් මාසයක් ඇතුලත ඔවුන් සියල්ලම බිංදුවට ආසන්න මට්ටමකට ලඟා වනු ඇත.

ආසියා-ශාන්තිකර කලාපයේ ඉහළ ආදායම් ලබන රටවල් හයක්: ඕස්ට්‍රේලියාව, බෘනායි, හොංකොං, කොරියාව, නවසීලන්තය සහ තායිවානය; තවත් ඉහළ ආදායම් ලබන් රටවල් 3ක්:ෆාරොස් දූපත, අයිස්ලන්තය, ට්‍රින්ඩැඩ් හා ටොබැගෝ; සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් 5ක්: කාම්බෝජය, චීනය, මුරිසි දූපත, මොන්ටනිග්‍රෝ සහ වියට්නාමය මෙම සුපිරි තරු ගණයට වැටේ.

ප්‍රස්ථාර සටහන 1: “තුරන් කිරීමේ” සුපිරි තරු සහ ශ්‍රී ලංකාව තුල මාර්තු-අප්‍රේල් කාලයේදී නව ආසාදිතයින් ඇති විමේ ප්‍රවණතාවයේ වෙනස් වීම (මාර්තු මාසයේ උච්ච සංඛ්‍යා පිළිබඳ ප්‍රතිශතය )

සටහන්: “වෙනස්” යනුවෙන් දක්වා ඇත්තේ, මාර්තු උපරිම මට්ටමේ සිට අප්‍රේල් 30 දක්වා ආසාදිතයින් ඇතිවීමේ ප්‍රවණතාවයේ වෙනස් විමේ ප්‍රතිශතයකි. සෑම කුඩා ප්‍රස්ථාරයකම කොටුව තුල ඇති අංකය දක්වන්නේ, සලකුණු කර ඇති උපරිම මට්ටමේ සිට අප්‍රේල් 30 දක්වා කාලය තුල දල ප්‍රගුණන සංඛ්‍යාවයි: අඩු අගයකින් දැක්වෙන්නේ ආසාදිතයින් වේගයෙන් අඩුවීමයි.
මුලාශ්‍රය: ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ  දත්ත (https://github.com/CSSEGISandData/COVID-19) ඇසුරෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ රවී රන්නන්එලිය, නිල්මිනි විජේමුනිගේ සහ නිශානි ගුණවර්ධන කළ විශ්ලේෂනයකි.

එලෙසම 1වන සටහනේ දක්වා ඇති පරිදි, ශ්‍රී ලංකාව මෙම කාන්ඩයට ඇතුලත් නොවීය; ඒ නාවික හමුදා පොකුර නිසා නොවේ. නාවික ආසාදිතයන් ගණන ඉවත් කලත්, ලැයිස්තුවේ ඇති අනිකුත් රටවල් මෙන් නොව විදේශයන්හි සිට පැමිණෙන්නන්ගෙන් ඇතිවන ආසාදන ගණන වැඩිවීම නිසා, අප්‍රේල් අග වන විට ප්‍රමාණවත් ප්‍රවණතාවය අඩු කිරීමට නොහැකි නිසා එම සුපිරි ලැයිස්තුවට ඇතුළු වීමට අප සුදුසුකම් ලබා නැත.

මම දැන් අවධාරණය කල යුත්තේ, මොන්ටිනිග්‍රෝව කර ඇති දේ පිළිබඳව මට කිසිම අදහසක් නොමැති බවත්, කාම්බෝජයේ දත්ත පිළිබඳව මට යම් සැකයක් ඇති බවත්ය. නමුත් දත්ත දෙස බැලීමට පමණක් පදනම් කරගෙන, අප සමීපව නිරික්ෂණය කල යුත්තේ මේ රටවල් 14යි. ලෝකයේ සෙසු රටවල් හා සසඳන විට මෙම රටවල් සමුහය තුල කොවිඩ් වසංගතයේ ගමන් මග කොතරම් වෙනස් වී ඇත්දැයි පහත දැක්වෙන 2 වන සටහනේ ඔබට දැක ගත හැකිය. ශ්‍රී ලංකාව වෙනත් සාමන්‍ය රටකට වඩා හොඳ ප්‍රතිඵල ලබා ඇතත්, එය සුපිරි තරු තරම් හොඳ ප්‍රතිඵල ලබා නොමැති බව එම සටහන පෙන්වා දෙයි. සෙසු ලෝකයේ කොවිඩ් සංඛ්‍යාවන් අඛන්ඩව ඉහළ යන අතර, මෙම කොවිඩ් තරු මැයි දිනට පෙර බොහෝ දුරට මෙම වසංගතය මර්ධනය කළේය. කොරියාව හැරුණ විට ඔවුන් සියල්ලෝම මෙය කලේ සති හයකට අඩු කාලයකදීය. චීනයෙන් පිටත ඉතා කෙටි කාලයක් තුල තුරන් කළහැකි බව ඔවුන් පැහැදිලිව පෙන්නුම් කරයි.

ප්‍රස්ථාර සටහන 2: තුරන් කිරීමේ සුපිරි තරු රටවල්, සෙසු ලෝකය හා ශ්‍රී ලංකාවේ මාර්තු-අප්‍රේල් කාලය තුල නව ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවයේ වෙනස් වීම්. (මාර්තු මාසයේ උච්ච සංඛ්‍යාවකගේ ප්‍රතිශතය )

මුලාශ්‍රය: ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ (https://github.com/CSSEGISandData/COVID-19) දත්ත ඇසුරෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ රවී රන්නන්එලිය, නිල්මිනි විජේමුනිගේ සහ නිශානි ගුණවර්ධන කළ විශ්ලේෂනයකි.

මෙම රටවල් පෙන්නුම් කරන තවත් දෙයක් නම්, පුළුල් පරාසයක ඇති විවිධ ප්‍රදේශ වල කොවිඩ් තුරන් කල හැකි බවයි. මින් බොහෝමයක් ඉහළ ආදායම් ලබන රටවල් වුව ද, කාම්බෝජය හා වියට්නාමය ශ්‍රී ලංකාවට වඩා දුප්පත් වන අතර, ප්‍රමාණයෙන් ලෝකයේ ඇති කුඩාම රටවල සිට විශාලම වු චීනය දක්වා පරාසයක වේ. නිවර්තන කලාපයේ සිට ආර්ථික කලාපය ආසන්නය දක්වා ලෝකයේ සෑම ප්‍රදේශයකම ඒවා පිහිටා ඇති අතර, ඒක පාක්ෂික කොමියුනිස්ට් රාජ්‍යය සිට බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් දක්වා පරාසයක වේ. මෙයින් අදහස් වන්නේ, ඔවුන්ගේ මේ වෙනසට හේතුව, බොහෝ විට ඔවුන් කොවිඩ් කළමනාකරණය කළ ආකාරය පිළිබඳ දෙයක් විය හැකිය. නමුත් ඔවුන් එකම ප්‍රතිපත්තිය අනුගමනය කල බවත් නොපෙනෙන හෙයින්, මෙය හරියටම කුමක්ද යන්න එකවරම පැහැදිලි නැත.

නිදසුනක් වශයෙන්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හොංකොං, තායිවානය, අයිස්ලන්තය සහ වියට්නාමය ජාතික අගුළු දමිම යොදා නැත, නමුත් බොහෝ රටවල් ශ්‍රී ලංකාවට වඩා කොවිඩ් පරික්ෂණ සිදුකර ඇති බව පෙනේ. කෙසේ වෙතත්, ගැඹුරට හාරා බැලීමෙන් තොරව සැබවින්ම වෙනසක් ඇති කලේ කුමක් ද යන්න පිළිබඳව නිගමන වලට එළඹීමට නොහැකි අතර, අප විසින් සිදු කරන ලද තවත් විශ්ලේෂණයන් පිළිබඳ පසුවිපරම් සටහනක් සඳහා මෙය පසුවට තබමි.

යාවත්කාලීන කිරීම්

2020 මැයි 15: (i) චීනය තුරන් කිරීමේ සාර්ථකත්වය පැහැදිලි වු දිනය මාර්තු දක්වා සංශෝධනය කරන ලදී; (ii) ස්වීඩන් ආකෘතියට ප්‍රශංසා කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කිරීම. (iii) සමානුපාතික  Reff  ඇස්තමේන්තු අතුලත් වඩා සවිස්තරාත්මක අනුවාදයකින් 1 වන සටහන ආදේශ කර ඇත.

2020මැයි 16: සම්ප්‍රේෂණයට වෙනස් වු සහ ගැලපෙන පරිදි සංස්කරණය කරන ලද සංඛ්‍යාවල බලපෑම විදහා දැක්වීම සඳහා සටහනට නව ප්‍රස්ථාර එක් කරන ලදී. එම ප්‍රස්ථාර නිර්මාණය සඳහා හරීස් හෂිම්ට ද ස්තුතියි.

මෙය 2020 මයි 15 දින ඩේලිමිරේ පුවත් පතේ ප්‍රකාශයට පත් කරන ලද ලිපියේ සංස්කරණය කරන ලද සහ යාවත්කාලීන කරන ලද සංස්කරණයකි. දත්ත ලබා ගැනිමට, සැකසීමට සහ විශ්ලේෂණය කිරිමට සහාය වු සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නිල්මිනි විජේමුනිගේ සහ නිශානි ගුණවර්ධනට මගේ ස්තුතිය.

පරිවර්තනය: වෛද්‍ය සරත් සමරගේ

 

 

Leave a Reply