නිල දත්ත වලින් පිලිඹිබු වනවාට වඩා වේගයෙන් කොවිඩ්-19 වෛරසය පැතිර යමින් පැවතිය හැකිය.

වෛරසය පැතිරීම තක්සේරු කිරීම සඳහා අප දත්ත ලබා ගන්නේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දෛනික සිද්ධි වාර්තා වලින්ය . වඩා හොඳ මිනුමක් වනුයේ, පලදායී ප්‍රජනන අංකය (Reff) හා අදාල දැනට පවතින නිරන්තරයෙන් යාවත්කාලීන කරන ලද හෝ “දැන් සකස් කර ඇති” තක්සේරුගත දත්තයන් ය. නමුත් වසංගත රෝග විද්‍යා ඒකකය මෙය ප්‍රකාශයට පත් නොකරන අතර ඔවුන් එය නිතිපතා තක්සේරු කරන්නේ දැයි මට අදහසක් නැත. ඔවුන් එසේ කරන්නේ නම්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ එය බෙදා ගැනීමට RTI නීති සම්පාදන විසින් ඔවුන්ව දිරිමත් කළ යුතුය.

අප සතුව ඇති දත්ත සහතික කල හැකි තත්වයක නොපවතී.

Continue reading

PCR පරීක්ෂණ ධාරිතාව පිළිබඳව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අප්‍රේල් මාසයේදී කරන ලද ඇස්තමේන්තු යල් පැන තිබේ – අපට තවත් වැඩි පරික්ෂණ ධාරිතාවක් අවශ්‍ය වේ.

මා විසින් අප්‍රේල් මස මුලදී පළ කළ COVID පරීක්ෂණ ධාරිතාව පිළිබඳ IHP විසින් සිදුකල ඇස්තමේන්තු අගයන් දෙස, පසුගිය සති කිහිපය තුළ දී බොහෝ දෙනෙක් බලා තිබුණි. එම ඇස්තමේන්තු අගයන් නැවත සංශෝධනය කිරිමට අප හට අවශ්‍ය සම්පත්* නොමැති නමුත්, ඔබ අපේ අප්‍රේල් ඇස්තමේන්තු භාවිතා කරන්නේ නම්, ඒවා තවදුරටත් වලංගු නොවන බවට මෙයින් ඔබව දැනුවත් කරමු.

අප්‍රේල් මාසයේ දී අපි ඇස්තමේන්තු කළේ සාමන්‍ය දෛනික PCR පරීක්ෂණ දිනකට 6,000 ක් විය යුතු අතර ජාතික PCR ධාරිතාව දිනකට පරීක්ෂණ 9,000 ක් විය යුතු බවයි. නමුත්, දැන් අපගේ දෛනික පරීක්ෂණ අවශ්‍යතාවය බොහෝ විට දිනකට පරීක්ෂණ 40-50,000 අතර වේ.

Continue reading

කොවිඩ් “තුරන් කිරීම”…”සිඳබිඳ දැමීම” කල හැකි අතර, මෙම රටවල් සැබෑ සුපිරි තරුය.

කොවිඩ්-19 වෛරසය පිළිබඳව මූලික සංඛ්‍යා පෙබරවාරි මැද භාගයේ දී පැහැදිලි වු දා සිට, සෑම රටක්ම එහි පැතිරීම පාලනය කිරීමට උත්සාහ කරන බව පැහැදිලිය. රටක් හරහා වෛරසය පාලනයකින් තොරව, බිහිසුණුව පැතිර යාමට ඉඩ දීමට විකල්පයක් පිළිගැනීම කොතරම් මුරණ්ඩු හෝ මෝඩ වු රජයකට අපහසු තත්වයක් වනු ඇත.

අවාසනාවකට මෙන්, රටවල් විසින් අනුගමනය කළ හැකි විවිධ උපාය මාර්ග පිළිබඳව විශාල ව්‍යාකූලතාවයක් ඇති අතර, මාධ්‍ය හා විශේඥයින් නව වචන මාලාවක් ප්‍රකාශයට පත්කර ඇතිවා මෙන්ම ඒවා නොගැලපෙන ලෙස භාවිතා ද වේ. “වක්‍රය සමතලා කිරීම”, “මිටිය සහ නර්ථනය”, අවම කිරීම, තුරන් කිරීම, මර්ධනය කිරීම,.. යන අපගේ නව ලෝකයට සාදරයෙන් පිළිගනිමු. නමුත් අවසානයේ දී මෙම සියලු උපායමාර්ගයන් දෙකක් දක්වා අඩුවේ. ඒ “අවම කිරීම” සහ “තුරන් කිරීම” වන අතර, මෙයින් රටවල් තෝරාගන්නේ කුමක්ද යන්න රඳා පවතින්නේ, දිගුකාලීන ප්‍රතිලාභ සඳහා ඔවුන් කොතරම් කෙටි කාලීන වේදනාවක් විදීමට කැමති ද යන්න මතය. Continue reading

අප දිනකට පරීක්ෂණ 2,000-6,000 පමණ කළ යුතු බවට විශේෂඥයින් උපදෙස් දී ඇතත්, එය සිදු නොවන්නේ ඇයි?

ප්‍රතිකාර සඳහා රෝගී වූවන් සොයා ගැනීමට පමණක් නොව, වඩා වැදගත් වන්නේ සැඟවුනු ආසාදිතයන් ප්‍රජාව තුළ ගත කරන කාලය අඩුකිරීමෙන් ආසාදන පැතිරීම බිඳ දැමීමේ කොවිඩ් ප්‍රතිචාරයට මහා පරිමාණයෙන් පරීක්ෂණ ඇතුලත් විය යුතු බව, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අපි නිරන්තරයෙන්ම කියා සිටියෙමු.  Continue reading

අප සත්‍යය කතා කළ යුතුයි- අගුලු දැමීම අසාර්ථකයි-අපිට නැවුම් චින්තනයක් අවශ්‍යයි.

පසුගිය සති දෙක තුල අනාවරණය වු නව ආසාදිතයන් පිළිබඳව අප දන්නා පරිදි, ඇඳිරි නීතිය ඉවත් කිරීම ඇතුළු කොවිඩ් පාලන පියවර ලිහිල් කිරීමට කිසිදු තාර්කිත පදනමක් නොතිබුණි. මෙය බරපතලවුත්, මුළුමනින්ම මඟහැරිය හැකි වුත්, ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයක් වන අතර අනුමත කළ නොහැකි ව්‍යසනයකි.මේ රටේ වගවීම පිළිබඳව කිසියම් දෙයක් අදහස් කළේ නම්, ඊට සම්බන්ධ වූවන්ට එහි ප්‍රතිවිපාක විඳින්නට ඉඩ තිබුණි. ඇත්ත වශයෙන් පැහැදිලිව කිවහොත් මම අදහස් කළේ ජනාධිපතිවරයා නොව, ඔහු මෙතෙක් කටයුතු කර ඇත්තේ ඔහුට ලබා දී ඇති උපදෙස් මතය. Continue reading

මැතදී ඇතිවු තත්වයන්,අපගේ වසංගතය තුරන් කිරීමේ උපාය මාර්ගයේ ඇති බරපතල ගැටළු හෙළි කරයි.

ඇදිරිනීතිය යටතේ කොළඹ පදින්චිව සිටින නිවැසියන් අතර රෝගය පැතිර යාමේ ප්‍රවණතාවය වැඩිවීම සෞඛ්‍ය බළධාරීන් පුදුමයට පත් නොකල යුතුය, මන්ද යත් එය බලාපොරොත්තු විය හැකි තත්වයක් වීමය. අපගේ ආරම්භක සාර්ථකත්වය මත, ගොඩනැගීමට ප්‍රමාණවත් පියවර ගැනීමට සති කිහිපයක් තුලම අප අසමත් වී ඇත. විශේෂයෙන්ම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට නොහැකි වීමය. අවම ප්‍රජා සම්ප්‍රේෂණයක් සහිත තෝරාගත් රටවල් ගොන්නට අප ඇතුලත් වුවද, අපගේ ප්‍රතිචාරය පිළිබදව එන්න එන්නම පසුබාමින් සිටී. මෙමගින් අගුලු දැමීම ඉවත් කිරීම වඩාත් අපහසු වන අතර එය ආර්ථිකය නැවත ආරම්භ කිරීම සහ මැතිවරණය පැවැත්වීම යන රජයේ ආර්ථික හා දේශපාලන අරමුණු තවදුරටත් කලකිරීමට පත් කරනු ඇත. මාසයක් තුල සිදුකල අගුලු දැමීම තුල මහජනතාව සිදුකල විශාල කැපකිරීමද මේ නිසා අපතේ යනු ඇත. Continue reading

ප්‍රථම ජාතික කොවිඩ් අධ්‍යයනය, ශ්‍රී ලංකාවේ ප්‍රජා සමීක්ෂණ සඳහා ඇති අභියෝග පෙන්වා දෙන අතර, සමූහ ප්‍රතිශක්තිය (Herd Immunity) ක්‍රියාත්මක නොවන්නේ ඇයි දැයි පෙන්වා දෙයි

කොවිඩ්-19 ආසාදනය පිළිබඳව ලෝකයේ ප්‍රධාන රටක කරන ලද ප්‍රථම ජාතික සමීක්ෂණයේ ප්‍රතිඵල ඔස්ට්‍රියාව විසින් පසුගිය අප්‍රේල් 10 වන දින ප්‍රකාශයට පත් කරන ලදී. රට දරුණු වසංගතයකින් පෙළෙන නමුත්, ඔස්ට්‍රියානුවන් සියයකින් එක් අයෙකු පමණක් ආසාදනය වී ඇති බව පෙනේ. ඕනෑම බුද්ධිමත් රටක කොවිඩ්-19 සඳහා සුදුසුම උපායමාර්ගය සමූහ ප්‍රතිශක්තිය යන අදහස මෙම ප්‍රතිඵල වලින් බිඳ දමයි. ශ්‍රී ලංකාව වැනි රටවල ප්‍රජා ව්‍යාප්තිය පිළිබඳ සමීක්ෂණ පැවැත්වීම සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දෙන බව ද ඔවුහු යෝජනා කරති. Continue reading

ගුවන් තොටුපල විවෘත කිරීම සඳහා පරීක්ෂණ ධාරිතාව පුලුල් කිරීම අප දැන්ම කල යුතුයි.

කොවිඩ්-19 වෛරසය සඳහා, සියලුම ජාත්‍යන්තර පැමිණිම් පරීක්ෂා කිරීම මෙන්ම ඔවුන් දින 14 ක් නිරෝධායනය කිරීමට අනාගතයේදී අපට අවශ්‍ය වන්නේ මන්දැයි අපි මෙයට කලින් පැහැදිලි කර ඇත්තෙමු. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද දින ලිපියක් මඟින් මෙය සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. මේ වනවිට අප සතුව ඇති විද්‍යාත්මක සාක්ෂි සහ මාර්තු මුලදී සිදුවු දේ පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් මත පදනම් වු වඩාත් තාර්කික විකල්පය ලෙස අපි මෙම ඇමතුම අනුමත කරමු. Continue reading

තුරන් කිරීම ඉලක්කය ලෙස පිළිගත් පළමු ආසියානු නොවන, බටහිර රට බවට නවසීලන්තය පත්වේ

කොවිඩ් පාලනයේදී මේ දක්වා වඩාත්ම සාර්ථක රටවල් වන්නේ දශක දෙකකට පෙර සාර්ස් වසංගතයට මුහුණ පෑ නැගෙන්හිර ආසියානු රටවල්ය. මා හිතන්නේ, මෙය අනුගමනය කිරීමේදී අපට මානසික බාධකයක් ඇති කර තිබේ. මෙය බොහෝවිට එම රටවල් හා සංස්කෘතික සමානකම් බෙදා ගැනීමත්, රටවල් එකක් දෙකක් ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධති සංවිධානය කර ඇති ආකාරය අපට බොහෝ දුරට සමානකම් දැක්වීමත් තිබියදීය. 

නවසීලන්තය දැන් පැහැදිලිවම, අවම කිරීමට වඩා තුරන් කිරීම ඉලක්කය ලෙස තෝරා ගෙන ඇත. එසේ කල, පළමු හා එකම ආසියානු නොවන බටහිර රට ඔවුන්ය. Continue reading

කොවිඩ්-19 පාලනයට අප කොපමණ පරීක්ෂණ කළ යුතුද? (3) පරීක්ෂණයට භාජනය කළ යුත්තේ කවුද?

ශ්‍රී ලංකාව දිනකට  RT-PCR පරීක්ෂණ 2,000-6,000 අතර ප්‍රමාණයක් කළ යුතු බව අප ඇස්තමේන්තු කර ඇත. දිනකට පරීක්ෂණ 5,000 ක් කළ යුතු බව සෞඛ්‍ය  ආමාත්‍යාංශයේ වසංගතවේද අංශය ඇස්තමේන්තු කර ඇති බව දැනගන්නට ලැබී ඇත. අපගේ ඇස්තමේන්තුව වලට ගුවන් තොටුපල ආගමනයන් පරීක්ෂා කිරීමත්, දැනට ගුවන් තොටුපල වසා දමා ඇති නිසාත් එම ඇස්තමේන්තු හා සමානයි. විශේෂිත ඉලක්ක කණ්ඩායම් පරීක්ෂාවට භාජනය කිරීම අවශ්‍ය ඇයිද යන කරුණ පිළිබඳව අමතර පැහැදිලි කිරීමක් අපි මෙහි සපයන්නෙමු. මෙහිදී අපි කරුණු දෙකක් අවධාරණය කරමු. Continue reading