නිල දත්ත වලින් පිලිඹිබු වනවාට වඩා වේගයෙන් කොවිඩ්-19 වෛරසය පැතිර යමින් පැවතිය හැකිය.

වෛරසය පැතිරීම තක්සේරු කිරීම සඳහා අප දත්ත ලබා ගන්නේ වසංගත රෝග විද්‍යා ඒකකයේ දෛනික සිද්ධි වාර්තා වලින්ය . වඩා හොඳ මිනුමක් වනුයේ, පලදායී ප්‍රජනන අංකය (Reff) හා අදාල දැනට පවතින නිරන්තරයෙන් යාවත්කාලීන කරන ලද හෝ “දැන් සකස් කර ඇති” තක්සේරුගත දත්තයන් ය. නමුත් වසංගත රෝග විද්‍යා ඒකකය මෙය ප්‍රකාශයට පත් නොකරන අතර ඔවුන් එය නිතිපතා තක්සේරු කරන්නේ දැයි මට අදහසක් නැත. ඔවුන් එසේ කරන්නේ නම්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ එය බෙදා ගැනීමට RTI නීති සම්පාදන විසින් ඔවුන්ව දිරිමත් කළ යුතුය.

අප සතුව ඇති දත්ත සහතික කල හැකි තත්වයක නොපවතී.

වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව ඔක්තෝබර් 24 වන දින සිට අඩුවී එය එම මට්ටමෙන් පවත්වාගෙන ගොස් ඇති බවට වාර්තා වන අතර එය දිනකට රෝගීන් 450 ක් පමණ වේ. සාමාන්‍ය තත්වයන් යටතේ, මෙය වෛරස් සම්ප්‍රේෂණය පාලනය කර ඇති බවට සාක්ෂි විය හැකි අතර එය වැඩි වීමක් හෝ අඩුවීමක් නොවේ (Reff = 1). මෙය සුවිශේෂී තත්වයක් නොවන අතර- වෛරස් පැතිරයාම  මැඩපැවැත්වීම සඳහා එය අඩුවීමක් අවශ්‍යයවේ. නමුත් අවම වශයෙන් තත්වය නරක අතට හැරී නොමැත.

දෛනික වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාව: ඔක්තෝම්බර්- නොවැම්බර් 2020මූලාශ්‍රය: ජෝන්ස් හොප්කින්ස් COVID-19 දත්ත ගබඩාවෙන් සහ IHP COVID-19 පරීක්ෂණ දත්ත ගබඩාවෙන් දත්ත විශ්ලේෂණය.

අවාසනාවට, හේතු හතරක් නිසා මෙය එසේ නොවේ.

පළමුවෙන්ම, ඔක්තෝබර් 24 සිට දිනකට PCR පරීක්ෂණ 10,000 ක් දක්වා වැඩිවී එය එම මට්ටමෙන් පවත්වාගෙන ගොස් ඇති බවක් දක්නට ලැබේ. අපගේ වර්තමාන උපරිම ධාරිතාව දිනකට පරීක්ෂණ 12,000 ක් පමණ වන අතර, ඒ සඳහා අපගේ විද්‍යාගාර කාර්ය මණ්ඩලයේ විශාල පරිශ්‍රමයක් අවශ්‍ය වන අතර එහෙත් වර්තමාන ක්‍රියා පටිපාටි සමඟ නිරන්තරයෙන් එය තිරසාර ලෙස සිදු නොවේ. එබැවින් අපගේ පරීක්ෂණ අංක බොහෝ විට එම මට්ටමෙන් පවත්වාගෙන යාම සිදුවේ, මන්ද යත් එය අපට කළ හැකි උපරිමය වී ඇති නිසාය. එබැවින් නව සිද්ධි අනාවරණය එකම මට්ටමෙන් පවත්වාගෙන ගොස් ඇති බව සඳහා බොහෝ දුරට ඉඩ ඇති පැහැදිලි කිරීම වන්නේ අපගේ වර්තමාන පරීක්ෂණ ක්‍රමවේද මඟින් දිනකට නව ආසාදිතයින් කීදෙනෙකු හඳුනාගත හැකිද යන්නෙහි උපරිම සීමාවන් කරා අප ළඟා වී ඇති බවයි.

දෛනික පරීක්ෂණ: ඔක්තෝම්බර්- නොවැම්බර් 2020මූලාශ්‍රය: MOH දෛනික පරීක්ෂණ වාර්තා.

දෙවනුව, මෙය සාමාන්‍ය වෛරස් පැතිරයාමක් ලෙස ගතහොත් , ලදායී පාලන පියවරයන් මගින් වෛරසය  සම්ප්‍රේෂණය මන්දගාමී වීම ආරම්භ කර ඒවා උපරිම අගයේ සිට පහත වැටෙන තෙක් දෛනික ආසාදිතයින් සංඛ්‍යා වැඩි වන බව අප දැකගත යුතුය. සාමාන්‍යයෙන්, හඳුනා ගැනීමේදී මෙම උපරිමය සිදුවන්නේ පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වීමෙන් සතියකට හෝ සති දෙකකට පසුවය, මන්දයත් සම්ප්‍රේෂණය මන්දගාමී වීමට පෙර යම් ප්‍රමාදයක් දැනට අනාවරණය වූ අවස්ථාවන්හි දී පිළිබිඹු වේ. නමුත් මෙය සිදු වී නැත.

තෙවනුව, ආරම්භක වෛරස් පැතිරයාම බොහෝ ආසාදිත පුද්ගලයින් සහ ඔවුන්ගේ සම්බන්ධතා වේගයෙන් හුදකලා කිරීම මගින්  ලදායී ලෙස අන්තර්ගත වී තිබුනේ නම්, නිරෝධායනය/ හුදකලාව තුළ මිනිසුන් තුළ නිරන්තරයෙන් සිදුවන රෝගී තත්වයන් හේතුවෙන් යම් යම් සමතලා කිරීම් අපට දැක ගත හැකිය. දන්නා ආසාදිත පුද්ගලයින් හා සම්බන්ධතා ජනගහනයෙන් පිටත නව සිද්ධි අනාවරණය කිරීම් පිළිබඳ බොහෝ මාධ්‍ය වාර්තා ලබා දී ඇති බවක් පෙනෙන්නට නැත. සියලුම සිද්ධීන් පවත්නා පොකුරු සමඟ සම්බන්ධ වී ඇති බව MOH දිගටම වාර්තා කරන බව මට වැටහී ඇත, නමුත් මෙම අවස්ථා බොහොමයකදී, ප්‍රජාව තුළ අනාවරණය කර ගැනීම සිදු කෙරෙන අතර සම්බන්ධතාවය සිදු කරනු ලබන්නේ ඉන් පසුවය.

සිව්වනුව, නව අසාදිතයන් සඳහා සිදුකරන පරීක්ෂණ අනුපාතය (TCR) සැප්තැම්බර් මාසයට පෙර 200 සිට අද දින වන විට 22 දක්වා අඩු වී ඇත. ගෝලීය අත්දැකීම් වලට අනුකූලව නම් අනුපාතය මෙම මට්ටමට ළඟා වූ විට, බොහෝ අවස්ථාවන් සැබවින්ම අනාවරණය නොවේ. මෙය තවත් දරුණු විය හැකි අවස්ථාවක් නම්, කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා අද දින වාර්තා කර ඇති ආකාරයට, කොළඹ සමහර ප්‍රදේශවල අහඹු ලෙස පරීක්ෂාවට ලක් වූ පුද්ගලයින්ගෙන් 30% ක් ආසාදිත වී ඇති බවයි.

නොවැලැක්විය හැකි නිගමනය නම් මෙම වසංගත ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා වත්මන් පාලන පියවරයන් ප්‍රමාණවත් නොවන බවයි.

මගේ අදහස නම්, අප දැන් වතුරේ පාවෙන අයිස් කුට්ටියක උඩ මුදුන පමනක් දකිමින් සිටින බවයි. හඳුනා නොගත් තවත් සිය ගණනක් පුද්ගලයින් දිනකට ආසාදනය වන අතර දිනපතා නව ආසාදන වැඩි වෙමින් පවතී. මෙම තත්වය තුල, නොවැලැක්විය හැකි නිගමනය නම්, වෛරස් පැතිරයාම මැඩපැවැත්වීම සඳහා වර්තමාන පාලන පියවරයන් ප්‍රමාණවත් නොවන බවයි.

මුහුණු ආවරණ සහ අගුළු දැමීම් වලට වඩා වෛරසය පාලනය කිරීමට අපට ඇති ලදායී පාලන පියවර වන්නේ පරීක්ෂණ, ලුහුබැඳීම් සහ හුදකලා කිර්‍රම් ය. මෙම වගුවේ ඔබට දැකිය හැකි පරිදි, වසංගතයේ පළමු රැල්ල අතරතුර, තිරසාර කාල පරිච්ඡේදයන් සඳහා අනෙකුත් රටවල් ඔවුන්ගේ ලදායී ප්‍රජනන අංකය 1 ට වඩා අඩු කිරීම සඳහා (සම්ප්‍රේෂණය මන්දගාමී කිරීම සඳහා) සාමාන්‍යයෙන් නව අසාදිතයන් හඳුනා ගන්නා අවස්ථා වලදී එක් එක් පරීක්ෂණයන්ට අදාලව 100+ අනුපාතයකින් පරීක්ෂා කරනු ලබයි. වර්තමාන පරීක්ෂණ විධිවිධාන හා වර්තමාන වෛරස් සම්ප්‍රේෂණ අනුපාතය සමඟ මෙය ශ්‍රී ලංකාවේ අත් කරගත නොහැකිය.

පරීක්ෂණ තීව්‍රතාව සහ රටවල් අතර කොවිඩ්-19 ව්‍යාප්තිය. මාර්තු සිට ජූනි 2020මූලාශ්‍රය: ජෝන්ස් හොප්කින්ස් COVID-19 දත්ත ගබඩාවෙන් සහ IHP COVID-19 පරීක්ෂණ දත්ත ගබඩාවෙන් දත්ත විශ්ලේෂණය කිරීම. සටහන: විශ්ලේෂණය මාර්තු සිට ජුනි මැද දක්වා පළමු වසංගත තරංග සඳහා වේ. පහළ අක්ෂය මඟින් ලොග් වූ ටෙස්ට්-ටු-කේස් අනුපාතය (ටීසීආර්) පෙන්වයි. හරිත හතරැස් සංකේතය ශ්‍රී ලංකාව සඳහා මාර්තු-ජූනි කාලය තුළ වේ. කඩ රේඛාව මඟින් ශ්‍රී ලංකාවේ වත්මන් TCR අගය දැක්වේ. ලොග් වන විට 100 ක TCR අගය 4.6 කි.

මෙයින් ගම්‍ය වන්නේ පරීක්ෂණ වේගවත් කිරීම සහ වෙනත් මැදිහත්වීම් භාවිතා කරමින් පැතිරීම තවදුරටත් අවම කිරීම සඳහා දැඩි හදිසි පියවර නොගතහොත්, වර්තමාන වෛරස් පැතිරයාම වඩාත් නරක අතට හැරෙනු ඇති බවයි. අවාසනාවකට මෙන්, මෙය දිගින් දිගටම  පැවතුනහොත් ගැටළුව වඩාත් නරක අතට හැරෙනු ඇති අතර සම්ප්‍රේෂණය සම්පූර්ණයෙන් නවත්වා ගැනීම දිගු හා දුෂ්කර කර්තව්‍යක් වනු ඇත.