PCR පරීක්ෂණ ධාරිතාව පිළිබඳව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අප්‍රේල් මාසයේදී කරන ලද ඇස්තමේන්තු යල් පැන තිබේ – අපට තවත් වැඩි පරික්ෂණ ධාරිතාවක් අවශ්‍ය වේ.

මා විසින් අප්‍රේල් මස මුලදී පළ කළ COVID පරීක්ෂණ ධාරිතාව පිළිබඳ IHP විසින් සිදුකල ඇස්තමේන්තු අගයන් දෙස, පසුගිය සති කිහිපය තුළ දී බොහෝ දෙනෙක් බලා තිබුණි. එම ඇස්තමේන්තු අගයන් නැවත සංශෝධනය කිරිමට අප හට අවශ්‍ය සම්පත්* නොමැති නමුත්, ඔබ අපේ අප්‍රේල් ඇස්තමේන්තු භාවිතා කරන්නේ නම්, ඒවා තවදුරටත් වලංගු නොවන බවට මෙයින් ඔබව දැනුවත් කරමු.

අප්‍රේල් මාසයේ දී අපි ඇස්තමේන්තු කළේ සාමන්‍ය දෛනික PCR පරීක්ෂණ දිනකට 6,000 ක් විය යුතු අතර ජාතික PCR ධාරිතාව දිනකට පරීක්ෂණ 9,000 ක් විය යුතු බවයි. නමුත්, දැන් අපගේ දෛනික පරීක්ෂණ අවශ්‍යතාවය බොහෝ විට දිනකට පරීක්ෂණ 40-50,000 අතර වේ.

පරික්ෂණ ධාරිතාව වැඩි වීමට හේතු:

1.ආසාදිතයන් හා සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් ප්‍රමාණය වැඩි වී තිබීම

අප උපකල්පනය කළේ යෝජිත පරිදි පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කරනු ඇති බවටත්, එහි ප්‍රතිඵලයක් ලෙස නව ආසාධිතයන් හඳුනාගැනීම් දිනකට 5 ට අඩු මට්ටමක තබා ගත හැකි වන බවටත්, ඕනෑම නව ව්‍යාප්තියක දී දිනකට නව ආසාධිතයන් 50 ට අඩු මට්ටමක අගයක රඳවා ගත හැකි වන බවටත්ය. නමුත් පරීක්ෂණ වැඩිවීමක් සිදු නොවීය. අපට දැන් දිනකට නව ආසාධිතයන් 500 කට අධික ප්‍රමාණයක් වාර්තා වේ. නමුත් මෙම අගය සත්‍ය අගයට වඩා අඩු තක්සේරු අගයක් ගැනිමේ වැඩි හැකියාවක් ඇත, මන්ද යත් නව ආසාධිතයන් හඳුනා ගැනීමේ ප්‍රමාණය අපගේ PCR පරික්ෂණ ධාරිතාවෙන් සීමා වී ඇති බැවිනි. දිනකට නව ආසාධිතයන් හඳුනා ගැනීම් 1000 කට වැඩි වන්නේ යැයි උපකල්පනය කලහොත්, ඔවුන් හා සම්බන්ධ වූවන් සොයා ගැනීමේ අවශ්‍යතාව සපුරාලීම සඳහා අපට දැනට දිනකට පරීක්ෂණ 20,000 ක් අවශ්‍ය වේ.

2.COVID-19 රෝගීන්ගේ සායනික කළමනාකරණය සඳහා අවශ්‍යතාවය වැඩි වී ඇත.

දිනකට උපරිම වශයෙන් නව ආසාදිතයන් 50 ක් ඇති විට, සායනික කළමනාකරණය සඳහා දිනකට පරීක්ෂණ 125 ක් අවශ්‍ය වේ යැයි උපකල්පනය කළෙමු. දිනකට ආසාධිතයන් සංඛ්‍යාව 1000 ක් වුවහොත්, මෙම සංඛ්‍යාව දිනකට 2500 දක්වා වැඩි වේ.

3.නව රැළි ඇති වීම වැළැක්වීම සඳහා සාමාන්‍ය ප්‍රජා පරීක්ෂණ කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය දැයි අපට දැන් වඩා හොඳ අවබෝධයක් ඇත.

අප්‍රේල් මාසයේදී, චීනය පවසන දේ සහ අනෙකුත් දුප්පත් ආසියානු රටවල අත්දැකීම් මත පදනම්ව, අපි නිගමනය කළේ, පැතිරීම වැළැක්වීම සඳහා සාමාන්‍ය ප‍්‍රජාවේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් සඳහා ඉහළ දෛනික පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කල යුතු බවය. ඒ සඳහා අපට දැන් වඩාත් හොඳ සාක්ෂි තිබේ. මෙයින් ඇඟවෙන්නේ දෙවැනි රැල්ල වැළැක්වීම සඳහා අප මුලින් සිතුවාට වඩා ඉහළ මට්ටමක දෛනික පරීක්ෂණ සංඛ්‍යාවක් අවශ්‍ය බවයි, විශේෂයෙන්ම අප ගුවන් තොටුපල විවෘතව තබා ගන්නේ නම්. මෙම සංඛ්‍යාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරනු ලබන ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි ය. වෙනත් පර්යේෂණ වලින් උපුටා ගැනීම් සහ නිව් සවුත් වේල්ස් (ඕස්ට්‍රේලියාව) හි අත්දැකීම් මත, ඔවුන් පාසැල් සහ ගුවන්තොටුපල විවෘතව තබා ඇති අතර, අගුලු දැමීම් වළක්වා ඇති අතර, මාසික ප්‍රජා සම්ප්‍රේෂණ ගණන තනි ඉලක්කම්වල තබා ගෙන ඇත. අපි බොහෝ විට ශ්වසන රෝග ලක්ෂණ (කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව) හෝ උණ ඇති පුද්ගලයින් සඳහා දිනකට පරීක්ෂණ 20,000 ක් කළ යුතුය.

මගේ හොඳම අනුමානය නම් අප දැනට දිනකට PCR පරීක්ෂණ 40,000 ක් අවශ්‍ය වන අතර, දිගු කාලීන ජාතික ධාරිතාව දිනකට පරීක්ෂණ 50-60,000 දක්වා වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

[1] පසුගිය මාස හය තුළ, ලෝක සෞඛ්‍ය සංවිධානය විවිධ පරීක්ෂණ මට්ටම් ප්‍රමාණවත් යැයි යෝජනා කර ඇති අතර, සෑම සතියකම පුද්ගලයින් 1000 කට එක් පරීක්ෂණයක සිට සෑම ධනාත්මක සිද්ධියක් අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණ 30 ක් දක්වා වේ. මේවා දැනට ශ්‍රී ලංකාවේ දිනකට පරීක්ෂණ 3–15,000 අතර අනුපාතයකට පරිවර්තනය වේ. අපගේ තක්සේරුව නම්, මෙම මාර්ගෝපදේශවලට ප්‍රබල සාක්ෂි පදනමක් නොමැති බවත්, අපගේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අගුලු දැමීම වළක්වා ගැනීමට නම්, වසංගතය තුරන් කිරීම සහ එම තත්ත්වය දිගටම පවත්වා ගැනීම අපගේ ඉලක්කය විය යුතු බවත්, ඒ සඳහා මෙම පරීක්ෂණ ධාරිතා මට්ටම ප්‍රමාණවත් නොවන බවත්ය.

* COVID-19 පිළිබඳ IHP හි වැඩකටයුතු සඳහා අරමුදල් සපයන්නේ නැති අතර අපගේ අනුග්‍රාහකයන්ට ගැලපෙන පරිදි අපගේ නිර්දේශයන් අප විසින් නොකෙරේ. අපක්ෂපාතී, සාක්ෂි පදනම් කරගත් විශ්ලේෂණයක් රටට ලබා දීම සඳහා අපගේ කණ්ඩායම මේ සියල්ල කරන්නේ මහජන යහපත සඳහාය. මෙම කාර්යය දිගටම කරගෙන යාමට ඔබට අපට උදව් කිරීමට හෝ සහාය වීමට අවශ්‍ය නම්, කරුණාකර [email protected] ඔස්සේ අප හා සම්බන්ධ වන්න.