මැතදී ඇතිවු තත්වයන්,අපගේ වසංගතය තුරන් කිරීමේ උපාය මාර්ගයේ ඇති බරපතල ගැටළු හෙළි කරයි.

ඇදිරිනීතිය යටතේ කොළඹ පදින්චිව සිටින නිවැසියන් අතර රෝගය පැතිර යාමේ ප්‍රවණතාවය වැඩිවීම සෞඛ්‍ය බළධාරීන් පුදුමයට පත් නොකල යුතුය, මන්ද යත් එය බලාපොරොත්තු විය හැකි තත්වයක් වීමය. අපගේ ආරම්භක සාර්ථකත්වය මත, ගොඩනැගීමට ප්‍රමාණවත් පියවර ගැනීමට සති කිහිපයක් තුලම අප අසමත් වී ඇත. විශේෂයෙන්ම පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට නොහැකි වීමය. අවම ප්‍රජා සම්ප්‍රේෂණයක් සහිත තෝරාගත් රටවල් ගොන්නට අප ඇතුලත් වුවද, අපගේ ප්‍රතිචාරය පිළිබදව එන්න එන්නම පසුබාමින් සිටී. මෙමගින් අගුලු දැමීම ඉවත් කිරීම වඩාත් අපහසු වන අතර එය ආර්ථිකය නැවත ආරම්භ කිරීම සහ මැතිවරණය පැවැත්වීම යන රජයේ ආර්ථික හා දේශපාලන අරමුණු තවදුරටත් කලකිරීමට පත් කරනු ඇත. මාසයක් තුල සිදුකල අගුලු දැමීම තුල මහජනතාව සිදුකල විශාල කැපකිරීමද මේ නිසා අපතේ යනු ඇත.

සිදුවෙමින් පවතින දේ පැහැදිලි කිරීම සදහා ලෝකය රටවල් කාණ්ඩ දෙකකට බෙදා දැක්විය හැකිය.

  1. කලමණාකරනය කරගත හැකි මට්ටමට වසංගතය පාලනය කිරීම හෝ “වක්‍රව සමතලා කිරීම” පමණක් ඉලක්ක කරගත් රටවල්.
  2. වසංගතය සම්පුර්ණයෙන්ම අතුගා දැමීම හෝ “සම්පුර්ණයෙන් තුරන් කිරීම” ට ආසන්න තත්වයක් ලඟා කරගැනීම අරමුණු කරගත් රටවල්.

 

(1) වක්‍රය සමතලා කිරීම අරමුනු කරගත් රටවල්

 

අද බොහොමයක් රටවල් මෙම පලමු කාණ්ඩයට අයත් වේ. දිනපතා නව ආසදිතයින් සහ මරණ දහස් ගණනින් ඇති වන විට, ප්‍රජාව තුල වෛරස සම්ප්‍රේශණය ඉතාමත් පුඵල්ව සිදුවීම නිසා, මේ සෑම ආසදිතයෙකුම සොයා යෑම සෞඛ්‍ය සේවයට අපහසු වනු ඇත. දේශීයව මේ වසංගතය නතර කිරීම මේ රටවලට බලාපොරොත්තුවිය නොහැකිය. ඔවුනට වැඩිමනත්ව අරමුණු කරගත හැක්කේ අගුලු දැමීම ඉවත් කිරීමට හැකිවන පරිදි, සෞඛ්‍ය සේවාව අභිබවා නොයන මට්ටමකට නව ආසාදන මට්ටම ගෙන ඒමය.

උදාහරණය : එක්සත් ජනපදය,එක්සත් රාජධානිය,මහත්දීවීපික යුරෝපය,ඉන්දියාව සහ ඉන්දුනීසියාව මෙම රටවල් ගොන්නට ඇතුලත්ය.

 

(2) සම්පූර්ණයෙන්ම තුරන් කිරීම අරමුණු කරගත් රටවල්.

 

දෙවන කාණ්ඩයට ඇතුලත් වන්නේ රටවල් ස්වල්පයක් පමනි. ඉන් බොහොමයක්ම දුප්පත්ය. චීනයෙන් පැමිණි ප්‍රඵම ගෝලීය ආසාදන රැල්ල ඒ රටවල්  සියල්ල විසින් මර්ධනය කරන ලදි. මෙම පැතිරීම බොහෝදුරට යුරෝපයෙන් පැමිණි සංචාරකයන් විසින් ඇති කරන ලද්දකි. මේම රටවල ඉලක්කය වන්නේ තිරසාර දේශීය සම්ප්‍රේශණය නැවැත්වීම සහ දේශසීමා හරහා වෛරසය පැමිණීම තුලින් තුන්වන රැල්ලක් ඇතිවීම වැළැක්වීමත්ය. මෙම ඉලක්කය පැහැදිලිව ඇති චීනය, හොංකොං, තායිවානය, කොරියාව, වියට්නාමය, නවසීලන්තය සහ ෆාරෝ දූපත් වැනි රටවල සහ එසේ පැහැදිලි නැති ඕස්ට්‍රේලියාවටත් “සම්පූර්ණයෙන්ම තුරන් කිරීම” විකල්පයක් ලෙස පවතී. මෙම දෙවන කණ්ඩායමේ වසංගතයට ලක්ෂණ දෙකක් තිබේ. පළමුවෙන්ම, මේ රටවල් සියල්ලෙහිම පසුගිය සති කිහිපය තුළ නව ආසාදිතයන් ගණන ශුන්‍යයට ආසන්න කුඩා සංඛ්‍යාවක් දක්වා අඩුවී ඇත. දෙවැන්න නම්, ඔවුන්ගේ මෑත කාලීන කෝවිඩ්-19 ආසාදිතයන් බොහෝමයක් හෝ සියල්ලම සංචාරකයන් හෝ ඔවුන්ගේ කිට්ටු සම්බන්ධතා පැවැත්වූවන්ය. නවසීලන්තය, තායිවානය සහ ෆාරෝ දූපත්වල ශුන්‍යයට ආසන්න වශයෙන් පහත වැටීම හා සසඳන විට බ්‍රසීලය, ඉන්දියාව සහ ස්වීඩනය වැනි රටවල නව ආසාදිතයන් ඉහළ යන හෝ පැතළි වන ප්‍රවණතාවය දෙස බලන විට මෙම කණ්ඩායම් දෙක අතර වෙනස පැහැදිලිව පෙනේ (වගුව 1).

Graph 1: තුරන් කිරීමට එරෙහි පාලනය අරමුණු කරගත් රටවල නව ආසාදිතයන් ඇතිවීමේ ප්‍රවණතාවය.

ශ්‍රී ලංකාව මේ වන විට දෙවන කණ්ඩායමට ගැළපෙන නමුත්, උදාසීනකම අපව පසුපසට ඇද දමයි. මේ පිලිබඳ මුල් ලක්ෂණ දක්නට ලැබුනේ අප්‍රේල් මුලදීය. ඒ, විදේශ සංචාරකයින් පැමිණීම නැවැත්වීමෙන් පසුව, අන් රටවල් මෙන් වේගයෙන් දෙවන රැල්ල බිඳ දැමීමට අප කටයුතු නොකල බවට පැහැදිලි වීමෙන්ය. ඒ වෙනුවට, ආසාදිතයන් ගණන පහත වැටීම සෙමින් සිදුවූ අතර, දෙවන වගුවේ දක්වා ඇති පරිදි, දිනෙන් දින අඩු වැඩි වන ආසාදිතයන් සංඛ්‍යාව දිගටම පවත්වාගෙන නොයෑමත්ය (වගුව 2). හොංකොං, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ තායිවානය වැනි රටවල් අපට පසුව ඔවුන්ගේ ගුවන් තොටුපොලවල් වසා දැමුවා පමණක් නොව, මාර්තු මාසයේදී අපට වඩා ආසාදිත සංචාරකයින් සංඛ්‍යාවකට රටට ඇතුළු වීමට ඉඩදී ඇති බව සලකන විට මෙම දුර්වල ක්‍රියාකාරීත්වය වඩාත් කැපී පෙනේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ දෙවන රැල්ලේ උච්චතම අවස්ථාව ප්‍රමාද වී පැමිණි අතර, ඔවුන්ගේ දෙවන රැල්ලේ තවත් බොහෝ ආසාදිතයන් සිටි නමුත්, ඔවුන් ආසාදිතයින් සංඛ්‍යාව වේගයෙන් පහතට ගෙන එන ලදී.

Graph 2: දෙවන රැල්ල උච්චතම අවස්ථාවේ නව ආසාදිතයන් ඇතිවීමේ ප්‍රවණතාවය- තුරන් කිරීම අරමුණු කරගත් අනකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව.

මෑතදී ආසාදිතයන් ආසාදනය වූ ආකාරය දෙස බැලීමෙන් ගැටලුවක් පිලිබඳ දෙවන ඇඟවීම ලැබේ. මෙය කිරීමට එතරම් පහසු නැත. අප වෙනුවෙන් රජය සතුව තබාගෙන ඇති මෙම තොරතුරු ලබා ගැනීමට අපට මූලික අයිතිවාසිකමක් ඇත. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටින අපගේ රාජ්‍ය සේවකයන් තවමත් එවැනි මහජන උනන්දුවක් දක්වන හා වැදගත් කමක් ඇති මෙම දත්ත සාමන්‍යයෙන් බෙදා නොගනී. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්තු 27 නිකුත් කල සවිස්තරාත්මක අවසන් වාර්තාව සමග එදිනට පසුව ඇතිවූ ආසාදිතයන් පිලිබඳ මාධ්‍ය වාර්තා වලින් අපට ලබා ගත හැකි තොරතුරු ඒකාබද්ධ කර අපගේ මෙම විශ්ලේෂණය සම්පාදනය කළෙමු. ජනවාරි මැද සිට වර්තමාන වසංගතය ආරම්භ වූ අප්‍රේල් 20 දක්වා ශ්‍රි ලංකාවේ දිනපතා වාර්තා වූ රෝගීන්ගේ ආසාදන ප්‍රභවය 3 වන වගුවේ පෙන්නුම් කෙරේ. නිල් පැහැයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත ආසාදනය වී ශ්‍රී ලංකාවට පැමිණි අය හෝ ඔවුන් විසින් සෘජුවම ආසාදනය වූ පුද්ගලයන්ය (ලා නිල්). රතු පැහැයේ විව්ධ වර්න වලින් පෙන්නුම් කරන්නේ විදේශයකදී ආසාදනය වී පැමිණි අයෙකුගෙන් ඇතිවූ ආසදිතයන් නොව, සම්ප්‍රේශණ දාමයක් මගින් ඔහුගේ සිට පැතිර ගිය අනෙකුත් ආසාදිතයන්ය. සෞඛ්‍ය අමාත්‍යංශය මෙම ආසාදිතයන් ප්‍රජා සම්ප්‍රේශණ ලෙස සලකන්නේ නැති නමුත්, ඒවා සියල්ලම ශ්‍රී ලංකාවේ දේශීය සම්ප්‍රේශණ අවස්ථා වේ. 

පෙබරවාරි අග භාගයේ අපගේ පළමු රැල්ල සමන්විත වූයේ නිල් පැහැයෙන් දක්වා ඇති චීනයෙන් පැමිණි එක් ආසාදිතයෙකුගෙනි. එය කුඩා වන්නේ අපගේ කෝවිඩ් ප්‍රතිචාරය සුවිශේෂී වූ නිසා නොව, චීන සංචාරක හා ව්‍යාපාරවල ගමනාගමනයෙන් ශ්‍රී ලංකාවට ඇත්තේ සුළු ප්‍රමාණයක් වන බැවිනි- චීන ජාතිකයින් මෙහි පැමිණීමට වඩා යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය සහ වෙනත් ආසියානු රටවලට යාමට කැමැත්තක් දක්වයි. අනෙක් ආසියානු ආර්ථිකයන් මෙන් ගෝලීයකරණය වීමට පටහැනිව- අපගේ ආර්ථික අසාර්ථකත්වය අපව ආරක්ෂා කළ නමුත්, පෙබරවාරි මාසයේ ආසාදිතයන් නොමැතිවීම පමණට වඩා අප උදාසීනත්වයට පත් කලේ දැයි මම සැක කරමි. 

මාර්තු මාසයේ ආරම්භ වන දෙවන රැල්ල ඊටත් වඩා විශාල‍ය. ආරම්භයේදී බොහෝමයක් නිල් පැහැයෙන් දක්වා ඇති ආසාදිතයන්ගේ උපරිමයක් පැවතුනි. අනතුරුව ආසාදිතයන් සංඛ්‍යාව පහත වැටුන නමුත් එය අඛණ්ඩව පහත වැටුනේ නැත. ඒ වෙනුවට, දේශීය සම්ප්‍රේශණය හේතුවෙන් බොහෝ දුරට රතු ආසාදිතයින් වැඩි වීමක් අපට පෙනේ. විදේශයන්හි සිට පැමිණෙන්නන් හා ඔවුන්ගේ සමීපතම සම්බන්ධතා ඇති වූවන්ට වෛරසය සීමා කිරීමට අප අසමත්වූ බව මෙය පෙන්නුම් කරයි. 

Graph 3: සම්ප්‍රේශණ කාණ්ඩය අනුව 2020 ජනවාරි 17 සිට අප්‍රේල් 20 දක්වා ශ්‍රී ලංකාවේ කෝවිඩ් රෝගීන්ගේ වසංගත වක්‍රය.

Graph 4: සම්ප්‍රේශණ කාණ්ඩය අනුව 2020 ජනවාරි 17 සිට අප්‍රේල් 13 දක්වා හොංකොං රටෙහි කෝවිඩ් රෝගීන්ගේ වසංගත වක්‍රය.

අපට වඩා දින කිහිපයකට පසුව විදේශිකයන්ගේ පැමිණීමට ගුවන් තොටුපොල වසා දැමූ හොංකොං දේශය ප්‍රකාශයට පත්කළ (වගුව 4) රටාව සමග අපගේ රටාව සංසන්දනය කරන්න. මෙහි නිල් පැහැයෙන් දක්වා ඇත්තේ විදේශයන්ගෙන් ආනයන කල ආසාදිතයන්ගේ ආසන්නතම සම්බන්ධතා පැවැත්වූවන් පමණක් මෙහි කාණ්ඩ ගත කර ඇති බව සලකන්න. තවද, සම්ප්‍රේෂණ දාමය දීර්ඝ වූ වෙනත් ආසාදනයන් සලකන්නේ දේශීය ආසාදන ලෙසයි. එය පෙන්නුම් කරන්නේ මාර්තු අගදී ඇතිවූ ආසාදිතයින්ගේ එක් නිල් රැල්ලක් පමණි. මෙය අප්‍රේල් මැද භාගයේදී ශුන්‍ය දක්වා පහත වැටීමට පෙර, මාර්තු මැද භාගයේ දිනකට විදේශ සංචාරකයින්ගේ පැමිණීම 30ක් වූ උපරිමයකට පත් වේ. එතැන් සිට හොංකොං දේශයේ ශුන්‍ය ආසාදිතයන් වාර්වා වූ දින කිහිපයක්ම දැක ඇති අතර වඩාත්ම මෑතකදී වාරිවා වූ ආසාදිතයින් සියල්ලම එසේ පැමිණ නිරෝධායනයත භාජනය වූවන්ය.

විදේශයන් සිට පැමිණි අයට පමණක් වෛරසය සීමා කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇත. 

හොංකොංහි ක්‍රියාකාරීත්වය, චීනය, තායිවානය සහ තුරන් කිරීමේ කණ්ඩායමට අයත් වූ අනෙක් රටවල් හා සමානය. විදේශයන්හි සිට පැමිනන්නන්ගේ හා ඔවුන්ගේ ආසන්නතම සම්බන්ධතා පැවැත්වූවන්ට පමණක් වෛරසය සීමා කිරීමට අපොහොසත් වූ නිසා ශ්‍රී ලංකාව මේ අනෙකුත් රටවල් වලින් වෙනස් වේ. ඒ වෙනුවට, වෛරසයට අන් අය වෙත බෝ වීමට ඉඩ දී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අප්‍රේල් අග දක්වා සම්ප්‍රේශණ දාමයන් අඛණ්ඩව පවතී. 

අපට ප්‍රජා සම්ප්‍රේශණය නොමැති බව කියමින්, පසුව ඇතිවූ අසාදිතයන් ආනයනික පොකුරු ලෙස නම් කිරීම තුළින් මෙම බරපතල අසාර්ථකත්වය සඟවා ඇත. මෙය අර්ථ නිරූපණයට වඩා වැඩි දෙයක් නොවේ. “ප්‍රජා සම්ප්‍රේශණය” යන්නෙන් අදහස් වන්නේ, ආනයනික ආසාදිතයෙකු නිසා හටගන්නා සම්ප්‍රේශණදාමය අප නොදන්නා බව පමණය. නිරෝධායන කඳවුරකින් පිටත ප්‍රජාව තුල ජීවත්වන පුද්ගලයින් අතර දේශීය සම්ප්‍රේශණ සිදු වී නොමැති බව මෙයින් අදහස් නොවේ. දේශීය සම්ප්‍රේශණය යනු කණ්ඩායමේ අනෙක් රටවල් වලක්වාගෙන ඇති දේ සහ අප අවධානය යොමු කළ යුතු දේයි. 

වෛරසය මර්දනය කිරීමට අප අපොහොසත් වූයේ ඇයි?

මෑත කාලයේදී ඇතිවූ ආසාදිතයන් පිළිබඳව විමසා බැලූ විට, වෛරසය මර්දනය කිරීමට අසමත් වීමට දායක වී ගැටළු කිහිපයක්ම අපට දැකගත හැකිය. 

විදේශයන්හි සිට පැමිණෙන්නන් ස්වයං හුදකලා කිරීම හෝ නිවාස නිරෝධායනයට ලක් කිරීම සාර්ථක නොවේ. පිළියන්දල මත්ස්‍ය වෙළෙන්දා ආසාදනය වී ඇත්තේ එම නිවසේම නිවාස නිරෝධායනයට භාජනය කල විදේශයක සිට පැමිණි පුද්ගලයෙකුගෙනි. මිනිසුන් අඩු පහසුකම් සහිත තදබද වූ නිවාස වල ජීවත් වීමත්, නීති රීති වලට අනුකූලතාවයක් නොදැක්වීම නිසා මතුවන අනෙකුත් ගැටලුත් හේතු කොටගෙන ස්වයං හුදකලා වීම ප්‍රතිඵලදායක කරගැනීම අපහසුය. ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව වැනි සංවර්ධිත රටවල් මෙය ඉතා අවදානම් සහගත බව සොයාගෙන ඇති අතර, අනිවාර්ය ආයතනික නිරූධායන‍ය (ඕස්ට්‍රේලියාව ) හෝ නිතිරීති කඩ කිරීම සඳහා දැඩි දඩුවම් පැනවීම, ඉලෙක්ට්‍රොනික පලඳනා දැමීම, සහ පුද්ගලයින් පිළිබඳ සොයාබැලීම සඳහා දෛනිකව ඔවුන් සොයා යෑම හා දුරකතන ඇමතුම් දීම වැනි ක්‍රියාවන් වලට අනුගත කිරීමට දැඩි පියවර ගැනීමෙන් පසු නිවාස නිරෝධායනයට ඉඩ දීම (සිංගප්පූරුව ) ක්‍රියාත්මක කරයි. අලුතින් විදේශයන්හි සිට පැමිණෙන්නන් සඳහා අනිවාර්ය නිරෝධායනය ක්‍රියාත්මකව ඇතත්, මෙ‍යට කලින් සොයා නොගත් ආසාදිතයින් රටට ඇතුළු වීමට ඇති අවකාශය නිසා, මාර්තු මැද භාගයේ සිට රටට පැමිණි නිරෝධායනය නොකල අයවලුන් සමග නිවසක එකට ජීවත්වන සියලු දෙනාම නැවත ගොස් පරීක්ෂා කල යුතුයි. 

ආසාදිත පුද්ගලයින්ගේ රෝග ලක්ෂණ හඳුනා ගැනීමට දින 14ක් නිරෝධායනය කිරීම ප්‍රමාණවත් නොවේ. බොහෝ කෝවිඩ් ආසාදිතයන් කිසිවිටකත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවත්, තවත් පිරිසකගේ රෝග ලක්ෂණ මතු වන්නේ සති 3කට පසුව බවත් අපි පෙබරවාරි මාසයේ සිට දැන සිටියෙමු. බණ්ඩාරනායක මාවතේ ආසාදිතයන් පොකුර ආරම්භ වූයේ, දින 14ක නිරෝධායනය සම්පූර්ණ කිරීමෙන් පසුව රෝග ලක්ෂණ ඇතිවූ විදේශයක සිට පැමිණි කාන්තාවක් මගිනි. ඇයගේ රෝග විනිශ්චය සිදු කෙරුනේ දිවයිනට පැමිණ සති 5ක් ගතවූ පසුය. මෙය හැසිරවිය හැකි එකම ක්‍රමය වන්නේ නිරෝධායනය සමග පරීක්ෂණ කිරීම ඒකාබද්ධ කිරීමෙන් පමණි. නිරෝධායන කඳවුරු වල හෝ ගුවන් තොටුපලේ ආසාදන පාලනය කිරීමේ පටිපාටිය ප්‍රමාණවත් නොවීය. මෙම කඳවුරුවල සීවය කරන කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ආසාදනය වූ අවස්ථා කිහිපයකුත්, නිරෝධායනය වන පදිංචිකරුවන් අතර ඇතිවූ හරස් ආසාදන ගණනාවකුත් වාර්තා වී ඇත. මෙය සිදුවීම නැවැත්වීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන හා ගුවන් තොටුපල පහසුකම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම වැඩි දියුණු සඳහා තවත් බොහෝ දේ කළ යුතුයි.

ප්‍රජා සම්ප්‍රේෂණය නැවැත්වීමට ඇඳිරි නීතිය පමණක් ප්‍රමාණවත් නොවේ. ඇඳිරි නීතිය මධ්‍යයේ සිදු වු සමාජ අන්තර්ක්‍රියා හේතුවෙන් බන්ඩාරනායක මාවත පදිංචිකරුවන්ගෙන් බොහෝ දෙනෙක් ආසාදනය වූහ. ඇඳිරි නීතිය නොතකා වෙනත් ප්‍රදේශයකට ගොස් එහි නිවසක සිටීම නිසා එහි ජීවත් වු පවුලක්ම ආසාදනය විය. ඇඳිරි නීතිය 

ක්‍රියාත්මක කිරීම වැඩි දියුණු කල හැකි වුවද, ඇඳිරි නිතීය පැනවීමේදී සිදුවන සියළු අන්තර්ක්‍රියා නැවැත්වීම යථාර්ථවාදී නොවේ. විශේෂයෙන් දුප්පත් ප්‍රදේශවල පවුල්වලට දිගු කලක් නඩත්තු විය නොහැකිය.ඇඳිරි නීතිය ඇති විටත් ඉන් පසුවත්, රෝගය පැතිර යාම අඩු කිරීමට ශක්තිමත් සමාජ දුරස්ථකරනය සහ සනීපාරක්ෂක ක්‍රම සමඟ ඒකාබද්ධව තවත් නිරීක්ෂණ පරීක්ෂණ අපට අවශ්‍ය බව මෙයින් යෝජනා කෙරේ.

අවසාන වශයෙන්, ආක්‍රමනශීලි පරීක්ෂණ ක්‍රමෝපායක් අනුගමනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් සෞඛ්‍ය සේවාවන්ට සැඟවුන ආසාදන හඳුනා ගැනීමේ අවස්ථා නැවත නැවතත් අහිමි වී ඇත. බණ්ඩාරනායක මාවතේ ආසාදිතයින් පොකුරේ මුල් ආසාදිතයා ශ්වසන රෝග ලක්ෂණ සහිතව සති කිහිපයක් පුරා ශික්ෂණ රෝහලකට කිහිප වතාවක් ගිය නමුත් පරික්ෂාවට ලක් නොවීය. මෙම කාලය තුල ඇය නිසැකවම තවත් බොහෝ දෙනෙකු ආසාදනය කරන්නට ඇත. මෙය හුදකලා වු එක් සිදුවීමක් පමණක් නොවේ. මෙලෙස ආසාදිතයන් හඳුනාගැනීමට අපොහොසත්වීම මීට පෙරද සිදු වී ඇත. ආදල රෝග ලක්ෂණ සහිත බාහිර රෝගීන් පරීක්ෂණ වලට භාජනය කිරීමට සෞඛ්‍ය ආමාත්‍යාංශය වෛද්‍යවරුන්ට අවසර දී ඇතත්, මෙය අනිවාර්ය නොවන අතර, බොහෝ විට ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක නොවේ. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ ප්‍රමාණවත් තරම් පැහැදිලි නැති අතර, හොංකොං, සිංගප්පුරුව සහ වෙනත් රටවල් සිදු කරන පරිදි බොහෝ අවදානම් කණ්ඩායම් පරීක්ෂා කිරීම අනිවාර්ය නොකරයි.

අප  කළ යුත්තේ කුමක් ද?

බාගෙට වැඩ සාර්ථක නොවන අතර, කොවිඩ් සමඟ ඒවා ලාභදායීද නොවනු ඇත. මෑතකදී ඇතිවු වසංගතය වැඩි වීම සහ ගුවන් තොටුපල වසා දමා මසකට වැඩි කලක් ගතවුවත්, නව ආසාදිතයින් ගණන ශුන්‍යයට ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීමක් තුලින් මේ කාරණය පැහැදිලිව පෙන්නුම් කරයි. සම්පුර්ණයෙන් තුරන් කිරීමේ අරමුණින් නැවැත නිවැරදි මාවතකට ප්‍රවේශ වීමටත්, අගුලු දැමීම ඉවත් කිරීමට රට ආරක්ෂිත බව තහවුරු කිරීමටත්, වියට්නාමය, හොංකොං, තායිවානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ වෙනත් රටවල් අනුගමනය කල තුරන්කිරීමේ උපායමාර්ග අප විසින් සම්පුර්යෙන්ම පිටපත් කර ගත යුතුය. එපරිද්දෙන්ම, මෙයින් ඇඟවෙන්නේ, තුරන් කිරීම අරමුණ කරගත් රටවලට ගලපෙන පරිදි සකස් නොකල ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ගෙන් ඔබ්බට යා යුතු බවයි.

පළමු කොටම, මෙයින් අදහස් කරන්නේ, බොහෝ රෝගී කණ්ඩායම් සඳහා අභිමතය පරිදි පරීක්ෂණ කිරීම අනිවාර්ය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එහි මාර්ගෝපාදේශ ශක්තිමත් කළ යුතු බවයි. උදාහරණයක් ලෙස සියලුම දැඩි සත්කාර ඒකක වල රෝගීන් සියල්ල කොවිඩ් සඳහා පරීක්ෂා කල යුතු අතර, බාහිර රෝගී අංශවල මෙයට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් පරීක්ෂණයට භාජනය කල යුතුය. ඊට අමතරව, හරස් ආසාදන වලක්වා ගැනීමටත්, මුදා හැරීමට පෙර ආසාදනය වී ඇති අයෙකු හඳුනා ගැනීමට පරීක්ෂණ කිරීම ඇතුලත් කිරීමක් සඳහා, නිරෝධායනය සහ ස්වයං හුදකලා කිරීමේ පටිපාටිය තද කල යුතුය. මෙයට ප්‍රතිකර්මයක් ලෙස, නිවාස නිරෝධායනයට භාජනය වු මාර්තු අගදී පැමිණි සියලුම දෙනාගේම පවුල් වල සමාජිකයන් සියලු දෙනාම සුදුසු පරිදි පීසීආර් හෝ ප්‍රතිදේහ පරීක්ෂණයට කඩිනමින් භාජනය කල යුතුය.

ඉදිරිය දෙස බලන විට, අගුලු දැමීම ඉවත් කිරීමෙන් පසු වෛරස සම්ප්‍රේශනය පාලනය කිරීම සඳහා අපට වඩා හොඳ උපාය මාර්ගයක් අවශ්‍යවේ. මේ සඳහා තව දියුණු කල සමාජ දුරස්ථකරණය, මහජන අධ්‍යාපනය සහ සනීපාරක්ෂක ක්‍රම භාවිතය සමඟ දැනට වඩා පරීක්ෂණ කිරීම ඒකාබද්ධ කල යුතුය. ප්‍රජාව තුල කිසිදු වෛරසයක් සංසරණය නොවනු ඇතැයි උපකල්පනය කිරීම මෝඩ සහ තාර්කිත නොවන පදනමකි. අවම වශයෙන් දින 28 ක් නව ආසාදිතයින් නොමැතිව අප පවත්වාගත යුතුය. නමුත් රට මෙය ඉඅසනු නැත. ඇඳිරි නිතීය යටතේ මාසයක් තුල සැඟවුනු ආසාදිතයින් ආසාදනය කළ හැකි සංඛ්‍යාව කොපමණ දැයි අපට දැන් දැක ගත හැකිය. මැතිවරණ ව්‍යාපාරයක සති පහක් තුල කුමක් සිදුවේ දැයි සිතා බලන්න.

මෙම අර්බුධයට අපගේ දේශපාලන නායකයන්ට අපි දොස් නොකියමු. මෙම අසාර්ථකත්වය පැහැදිලිවම ඇඳිරි නිතීය ඉවත් කිරීමට සහ මැතිවරණ පැවැත්වීමට සැලසුම් කර ඇති ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවයට පත් කරන අතර, එය අපේ ආර්ථික‍යට හා ජනතාවගේ ජීවනෝපායන්ට අගුලු දැමීමෙන් සිදුවන හානිය තවත් වැඩි කරයි. ඔවුන්ගේ වැරදි කුමක් වුවත්, අපගේ දේශපාලඥයින් අපගේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් කල් දමා ඇත. ඒ වෙනුවට, මෙම වෛරසයට එරෙහිව “බාගෙට වැඩ” ක්‍රියාත්මක නොවන බව මෙම සෞඛ්‍ය නිලධරීන්ගේ අඛණ්ඩ උදාසීනත්වය සහ නොහැකියාව වෙත අවධානය යොමුකල යුතුය. විශේෂයෙන්, ආක්‍රමණශීලි ලෙස පරීක්ෂණ පුලුල් කිරීමට අපොහොසත් වීම අපකීර්තියට වඩා අඩු දෙයක් නොවේ. රට වෙනුවෙන් මෙය අවසන් කල යුතුය.

රචනය : වෛද්‍ය රවී රන්නන්එලිය
විශ්ලේෂණය : නිල්මිණි විජේමුනිගේ, නිශානි ගුණවර්ධන, රුවන්ති එල්වලගෙදර, ඩැල්රීන් බාර්තෝලට්, චතුරානි සිගේරා, සචිනි ෆොන්සේකා, යසෝධරා කපුගේ, සරසි අමරසිංහ හා අනන්යා.

පරිවර්තනය: වෛද්‍ය සරත් සමරගේ

2020 අප්‍රියෙල් 23 දින යාවත්කාලීන කරන ලද පරිගණක පරිවර්තන වෙනුවට සංස්කරණය කළ පරිවර්තනයකි.