ගුවන් තොටුපල විවෘත කිරීම සඳහා පරීක්ෂණ ධාරිතාව පුලුල් කිරීම අප දැන්ම කල යුතුයි.

කොවිඩ්-19 වෛරසය සඳහා, සියලුම ජාත්‍යන්තර පැමිණිම් පරීක්ෂා කිරීම මෙන්ම ඔවුන් දින 14 ක් නිරෝධායනය කිරීමට අනාගතයේදී අපට අවශ්‍ය වන්නේ මන්දැයි අපි මෙයට කලින් පැහැදිලි කර ඇත්තෙමු. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද දින ලිපියක් මඟින් මෙය සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. මේ වනවිට අප සතුව ඇති විද්‍යාත්මක සාක්ෂි සහ මාර්තු මුලදී සිදුවු දේ පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් මත පදනම් වු වඩාත් තාර්කික විකල්පය ලෙස අපි මෙම ඇමතුම අනුමත කරමු.

කොවිඩ්-19 සඳහා බීජෞෂණ සමය සති දෙකකට වඩා වැඩි විය හැකිය. ආසාදිත පුද්ගලයින් බොහෝ දෙනෙක් කිසි විටකත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. සති දෙකක නිරෝධායන කාලයක් ප්‍රමාණවත් නොවේ. නිරෝධායන සම්පුර්ණ කල අය අතුරින්ද ආසාදිතයින් මතු වු අවස්ථා අපට දක්නට ලැබුණි. ස්ථිර පදනමක් මත අපගේ තොටුපලවල් විවෘත කළහොත් එම සංඛ්‍යාව මීට වඩා වැඩිවනු ඇත. නිරෝධායනය සහ පීසීආර් පරීක්ෂණය ඒකාබද්ධ කිරීමෙන්, ආසාදිත සංචාරකයින් අල්ලා ගැනීමට වඩාත් ඵලදායි ක්‍රමයක් සපයයි. කොවිඩ්-19 ආසාදිතයන් ඉතා පහත් මට්ටමක පවත්වා ගනිමින් අප ගොඩනැගු සාර්ථකත්වය මත, අගුලු දැමීම ඉවත් කිරීමෙන් පසු දිවයින තුල සාමන්‍ය ජීවිතය හා ආර්ථික කටයුතු පවත්වා ගැනීමට ඉහල ගුණාත්මක බවින් යුත් දේශ සීමා පාලනයක් අපට අවශ්‍යය. සරල වචනයෙන්  කිවහොත් අගුලු දැමීමෙන් ගැලවීමේ උපාය මාර්ගය සඳහා, කොවිඩ්-19 වෛරසය රටට ඇතුල්වීම ශුන්‍යයට ආසන්න මට්ටමකට අවම කල යුතුය.

චීනය, කොරියාව, හොංකොං, තායිවානය සහ සිංගප්පුරුව යන රටවල් සියල්ලම ජාත්‍යන්තර පැමිනීම් පරීක්ෂනයට භාජනය කරයි. චීනය මෙයට අමතරව එරටට පැමිණෙන ගුවන් මගීන් පිටත්වන ගුවන් තොටුපලේදී උෂ්ණත්වය මැන බැලීම එකතු කර ඇත. තවද, පරීක්ෂණ සඳහා බලාසිටින මගීන් රඳවා තැබීම සඳහා සිංගප්පුරුව ගුවන් තොටුපලේ අමතර ගොඩැනැගිලි වෙන්කර ඇත. පැමිණෙන සෑම මගියෙක්ම ආවරණය වන පරිදි පරීක්ෂණ කිරීම, නිරෝධායනය සහ ස්වයං  හුදකලා කිරීම ඇතුලත් ක්‍රමවල මිශ්‍රණයක් අපට අවශ්‍යය. එක් එක් පැමිණිමත් සමඟ ඇතිවන අවදානම පිළිබඳව කාලයත් සමඟ වැඩි විස්තර සකසා ගත හැකිය.

අපට මේ පිළිබඳව ක්‍රියාත්මක වීම පසුවට කල් දැමිය නොහැක. මැයි මාසයේ හෝ අපගේ තොටුපලවල් නැවත විවෘත කල දිනක, විදේශයන්හි සිට පැමිණෙන්නන් සඳහා RT-PCR පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීම අප දැන්ම ආරම්භ  කල යුතුය. 1989 ජේවීපී ත්‍රස්තවාදයේ උච්චතම අවස්ථාව වන විටත්, දිනකට විදේශිකයන් පැමිණීම 1000 වඩා වැඩිවු අතර, කොරෝනා වෛරසයේ බලපෑමට දිනකට පෙර දිනකට මගීන් 10,000 වඩා වැඩි ප්‍රමාණයකට වැඩි විය. ගෝලීය වසංගතය පවතින තුරා සංචාරකයන් අල්ප වනු ඇත. නමුත්, විදේශයන්හි ජීවත් වන සහ රැකියා කරන ශ්‍රී ලංකිකයින් ලක්ෂ ගණනක් අපට සිටින අතර, ඔවුන්ට යම් අවස්ථාවක ආපසු රටට ඒමට අවශ්‍ය වනු ඇත. තවද, සාමන්‍ය ජන ජීවතය සහ ව්‍යාපාර කටයුතු වලට ද, ජාත්‍යන්තර සංචාරයන් අත්‍යාවශ්‍ය වේ.

ශ්‍රී ලංකවට දිනකට පරීක්ෂණ 1,500 කට වඩා කිරීමේ හැකියාවක් අදට නැත. මෙම ධාරිතාව අපගේ අභ්‍යන්තර අවශ්‍යතා සඳහා පමණක් ප්‍රමාණවත් වේ. ගුවන් තොටුපලේදී පීසීආර් පරීක්ෂණ කිරීම සඳහා අපට මෙයට නව ධාරිතාවක් එක් කිරීමට අවශ්‍ය වනු ඇත. විදේශයන්හි සිට පැමිණෙන්නන්ගෙන් සමහරක් එක් වරකට වඩා පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන අප ගුවන් තොටුපල විවෘත කිරීමට නම් දිනකට අවම වශයෙන් පීසීආර් පරීක්ෂණ 1,000 ක් වත් කල හැකි නව ඉහළ ධාරිතාවයකින් යුත් යන්ත්‍ර මිලදී ගැනීමට අපට සිදුවනු ඇත. පසුවට මෙය වැඩිකල හැකිය. මාර්තු මස මුලදී සෞඛ්‍ය පරීක්ෂාව වැඩිකල විට ඇතිවු අවුල් සහගත තත්වයන් මඟ හරවා ගනිමින් ගුවන් තොටුපලට පැමිණිම ප්‍රමාණවත් ලෙස නිරෝධායන ධාරිතාවයකින් යුතුව කළමනාකරණය කරන්නේ කෙසේද යන්න බලධාරීන් විසින් සැලසුම් කළ යුතුය. තවද, ගුවන් තොටුපල අසල ප්‍රමාණවත් නිරෝධායන පහසුකම්ද ඇතිකල යුතුය. පරීක්ෂණ පමණක් සිදුකරන මගීන් සඳහා ඔවුන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් සිටීමට කෙටි කාලීන නිරෝධායන පහසුකම් ද අවශ්‍යවේ.

මේ සඳහා අපට මුදල් වැයවේ. අප මීට කලින්ද පෙන්වා දී ඇති පරිදි, එය සිදු නොකිරීමට වඩා පරීක්ෂණ කිරීම තවමත් ලාභදායී වේ. නමුත්, රජයට මුදල් හිඟයක් ඇති බැවින්, ආනගත ගුවන් ටිකට් පත් අලෙවිය සඳහා ඇමෙරිකානු ඩොලර් 100 ක තවකාලික කොවිඩ් පැමිණීමේ ගාස්තුවක් පැනවීමට මම යෝජනා කරමි. මෙය ශ්‍රී ලංකාවට පැමිණිමට ගුවන් ගාස්තු ඉහළ නංවනු ඇති නමුත්, මේ වන විට කිසිවෙකු ඔවුන්ගේ ගමනාන්තය තෝරා ගැනීමට මිල භාවිතා නොකරනු ඇත. ගෝලීය සංචාරක  ව්‍යාපාරය නැවත ආරම්භ වන විට වෛරස රහිත රටක් වීම වඩා වැදගත් තරඟකාරි සාධකයක් වනු ඇත.

පරිවර්තනය: වෛද්‍ය සරත් සමරගේ

2020 අප්‍රියෙල් 12 දින යාවත්කාලීන කරන ලද පරිගණක පරිවර්තන වෙනුවට සංස්කරණය කළ පරිවර්තනයකි.