තුරන් කිරීම ඉලක්කය ලෙස පිළිගත් පළමු ආසියානු නොවන, බටහිර රට බවට නවසීලන්තය පත්වේ

කොවිඩ් පාලනයේදී මේ දක්වා වඩාත්ම සාර්ථක රටවල් වන්නේ දශක දෙකකට පෙර සාර්ස් වසංගතයට මුහුණ පෑ නැගෙන්හිර ආසියානු රටවල්ය. මා හිතන්නේ, මෙය අනුගමනය කිරීමේදී අපට මානසික බාධකයක් ඇති කර තිබේ. මෙය බොහෝවිට එම රටවල් හා සංස්කෘතික සමානකම් බෙදා ගැනීමත්, රටවල් එකක් දෙකක් ඔවුන්ගේ සෞඛ්‍ය පද්ධති සංවිධානය කර ඇති ආකාරය අපට බොහෝ දුරට සමානකම් දැක්වීමත් තිබියදීය. 

නවසීලන්තය දැන් පැහැදිලිවම, අවම කිරීමට වඩා තුරන් කිරීම ඉලක්කය ලෙස තෝරා ගෙන ඇත. එසේ කල, පළමු හා එකම ආසියානු නොවන බටහිර රට ඔවුන්ය.

අපට මෙන්ම, නවසීලන්තයට ද සාර්ස් වෛරසය පිළිබඳ අත්දැකීම් නොමැත.ඔවුන් අප මෙන්ම දුපතක් වන අතර, නැගෙනහිර ආසියාවේ රෝග පාලනය පිළිබඳව කරන ලද දේ පිළිබඳ තොරතුරු එකසේ ලබාගත හැකිව ඇත. නමුත් ඔවුන්ගේ අගමැතිතුමා සහ සියළු රාජ්‍ය යාන්ත්‍රණය වසංගතවේදය, මහජන සෞඛ්‍ය හා ආර්ථික විද්‍යාව මඟින් මෙහෙයවනු ලැබ ඇත.

ප්‍රමුඛතාවය අනුව නවසීලන්තයේ උපාය මාර්ගයේ ප්‍රධාන කොටස් වනුයේ:

  1. දේශසීමා පාලනය
  2. ආනගත වෛරස සම්ප්‍රේෂණය පාලනය කිරීම සඳහා පුලුල්ව පරීක්ෂණය පැවැත්වීම
  3. මහජන සනීපාරක්ෂාව
  4. අගුලු දැමීම ඇතුළු සමාජ දුරස්ථකරණය
  5. මහජන සන්නිවේදනය

වසංගතය රටින් තුරන් කිරීමේ උපාය මාර්ගය අනුගමනය කිරීම සඳහා, දෙවන පියවර වන “පුළුල් ලෙස පරීක්ෂණ කිරීම” සඳහා අවශ්‍ය පරීක්ෂණ කිරීමේ ධාරිතාව වැඩිකිරීමට අගුලු දැමීම මඟින් සපයන ලද අවකාශය ප්‍රයොජනයට ගත යුතුයි. මැයි 1 වන දිනවන විට සෑම දිනකම පරීක්ෂණ 2,000-6,000 ත් අතර ප්‍රමාණයක් කළ යුතු බවට සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය ඇස්තමේන්තු කර ඇත. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය ඇස්තමේන්තු කර ඇත.සෞඛ්‍ය අමාත්‍යාංශයේ  වසංගතවේදී අංශයේ නිගමනයන්ද මේ හා සමාන සංඛ්‍යාවන්ය. වසංගතය තුරන් කිරීමේ උපාය මාර්ගය අනුගමනය කිරීමට ලෝකයේ තිබෙන සියලු රටවල්  අතුරින් , පරීක්ෂණ ධාරිතා පරතරය ආක්‍රමනශිලී ලෙස ස්ථාපනය කිරීමට අගුලු දැමීම භාවිතා නොකරන එකම රට ශ්‍රී ලංකාවයි.

මේ සම්බන්ධයෙන් අපගේ අඛන්ඩ ජාතික ආසාර්ථකත්වය ගැන මම දිගටම කලකිරී සිටිමි. වියදමින් වැඩි කොටසක් ලබා දීමට දේශීය පරිත්‍යාගශීලීන් කල නෛතික පරිත්‍යාගය තුලින්, මෙම මාසය අවසන් වන විට රජයට ඉතා සුලු පිරිවැයකින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණ ධාරිතාව දෙගුණ කිරීමේ අවස්ථාව ඊයේ අපට අහිමි විය. ඔවුනට හිඟව තිබුනේ ඇ.ඩො 100,000 කි.

පරීක්ෂණ පරතරය පියවා ගැනීම සඳහා අප තවත් බොහෝ දේ කළ යුතු අතර එය දැන්ම කල යුතුය.

මෙය මැයි මාසයේ අගුලු දැමීමෙන් පසු අපට විසඳිය හැකි දෙයක් නොවේ. උපකරණ සහ සැපයුම් සඳහා ගෝලීය බෙදා හැරීමේ කාලය දිනෙන් දින වැඩි වන අතර, ධනවත් රටවල් වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ යූරෝපය ඔවුන්ගේ මුදල් උපයෝගී කර ගනිමින් අප වැනි දුප්පත් රටවල් පෝලීමේ පසෙකට තල්ලු කර දමයි.

වෛද්‍ය රවී රන්නන් එලිය
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය

පරිවර්තනය: වෛද්‍ය සරත් සමරගේ

2020 අප්‍රියෙල් 10 දින යාවත්කාලීන කරන ලද පරිගණක පරිවර්තන වෙනුවට සංස්කරණය කළ පරිවර්තනයකි.