කොවිඩ්-19 පාලනයට අප කොපමණ පරීක්ෂණ කළ යුතුද? (3) පරීක්ෂණයට භාජනය කළ යුත්තේ කවුද?

ශ්‍රී ලංකාව දිනකට  RT-PCR පරීක්ෂණ 2,000-6,000 අතර ප්‍රමාණයක් කළ යුතු බව අප ඇස්තමේන්තු කර ඇත. දිනකට පරීක්ෂණ 5,000 ක් කළ යුතු බව සෞඛ්‍ය  ආමාත්‍යාංශයේ වසංගතවේද අංශය ඇස්තමේන්තු කර ඇති බව දැනගන්නට ලැබී ඇත. අපගේ ඇස්තමේන්තුව වලට ගුවන් තොටුපල ආගමනයන් පරීක්ෂා කිරීමත්, දැනට ගුවන් තොටුපල වසා දමා ඇති නිසාත් එම ඇස්තමේන්තු හා සමානයි. විශේෂිත ඉලක්ක කණ්ඩායම් පරීක්ෂාවට භාජනය කිරීම අවශ්‍ය ඇයිද යන කරුණ පිළිබඳව අමතර පැහැදිලි කිරීමක් අපි මෙහි සපයන්නෙමු. මෙහිදී අපි කරුණු දෙකක් අවධාරණය කරමු.

මින් පළමුවැන්න නම්, කොවිඩ්-19 වෛරස ආසාදිතයින් අවම සංඛ්‍යාවක් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව පැවතීමයි. අපගේ ගුවන් තොටුපල ඇතුළු දේශ සීමා වසා දමා ඇති හෙයින්, අපගේ ආසන්නතම ඉලක්කය වි යුත්තේ, අප රටින් වෛරසය තුරන් කිරීම සහ සිමීත ජාත්‍යන්තර ආගමනයන්ට ඉඩදීම ආරම්භ කිරීමත් සමඟම ආසාදිතයන් ඉක්මනින් හඳුනා ගත හැකි සෝදිසි කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ අනාගත වසංගතයන් වලක්වා ගැනීමයි. ආසාදිත පුද්ගලයින් විසින් අන් අය ආසාදනය කිරීම සඳහා වැය කරන කාලය අඩු කිරීමෙන්, ප්‍රජාව තුල වෛරසය සම්ප්‍රේශණය මන්දගාමී කිරීමට වේගයෙන් හඳුනා ගැනීම තීරණාත්මක වේ. විදේශයන්හි ජීවත්වන අපගේ පුරවැසියන්ට ආපසු සිය රටට පැමිණිමට ව්‍යවස්ථානු කූල අයිතියක් ඇති බැවින් ජාත්‍යන්තර ආගමන්යන් අපට සඳහටම නවතා දැමිය හැකි දෙයක් නොවේ. දිගු කාලීනව, අපගේ ආර්ථිකයට උදව් වීම සඳහා අත්‍යාවශ්‍ය ව්‍යාපාර සමහරක් සහ සංචාරක ගමන් සඳහා ඉඩකඩ සැලසීමටත් අපට අවශ්‍ය වනු ඇත.

අවධාරණය කලයුතු දෙවන කාරණය වන්නේ, වෛරස පාලනය කිරීමට වඩාත් ඵලදායි වී ඇති රටවල් සිංගප්පුරුව, හොංකොං, තායිවානය බව විශේෂඥයින් හා සෞඛ්‍ය බලධාරීන් අතර ඇති පුළුල් එකඟතාවය වන අතර, අපට වර්තමානයේ ඇති දැනුම අනුව වඩාත්ම සුදුසු හා අවශ්‍යම ඉලක්ක පරාසය මෙය වන බවය.

සියළුම ජාත්‍යන්තර පැමිණිම්

විදේශයන්හි සිට පැමිණෙන්නන් දින 14 ක් නිරෝධානයකට ලක්කිරීම අන් බොහෝ රටවල් අපේක්ෂා කරයි. අනාගතයේදී ශ්‍රී ලංකාවද මෙය අනුගමනය කල යුතුව ඇත. අප මුහුණපා ඇති වර්තමාන වසංගතයට හේතුවී ඇත්තේ, මාර්තු මස මුල සිටම විදේශයන්හි සිට පැමිණෙන්නන් නිරෝධානය කිරීමට අසමත් වීමය.  අවාසනාවකට, සියලු ආසාදිතයන් දින 14ක නිරෝධානයේදී හසු නොවනු ඇත. බීජෞෂණ සමය (ශරීරයට වෛරස ඇතුළු වු දිනත්, රෝග ලක්ෂණ පහල වන දිනයන් අතර කාලය ) සති 3 කට වඩා වැඩි විය හැකි බව පෙන්වමින්, චීන පර්යේෂකයන් පෙබරවාරි මුලදී දත්ත පළකර ඇත. තවද, රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයන්ගෙන් 1%  එලෙස රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ සති 2කට පසුව බව චීනයෙන් පිට රටවල දත්තයන් භාවිතා කරමින් වෙනත් පර්යේෂකයන් මාර්තු මුල් කාලයේදී නිගමනය කර ඇත.

මීට අමතරව, බොහෝමයක් කොවිඩ් ආසාදනය ඇති වුවන් රෝග ලක්ෂණ නොපෙන්වන බැවින්, නිරෝධායනයේ පසුවන වැඩිමනක් ආසාදිතවුවන් කෙසේ නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරනු ඇත. ශ්‍රී ලංකාවේ මෑතකදී වාර්තාවු ආසාදිතයන්ගෙන් සමහරක් මේ කාණ්ඩයට වැටෙන අතර, මෙම කාරණය කිසිවෙකුගේ පුදුමයට හේතුවක් නොවනු ඇත. මෙයට වඩා හොඳ විකල්පයක් ලැබෙන තෙක්, දැනට නිරෝධායනයේ සිටින සියලු දෙනා නිරෝධායනයෙන් පිටවීමට  පෙරත්, විදේශයන්හි සිට පැමිණෙන සියලු දෙනාත් පරීක්ෂණයට භාජනය කල යුතුව ඇත.

සොයාගත් ආසාදිතයින් සමඟ ආසන්නයෙන්ම සම්බන්ධ වුවන්

කොවිඩ් ආසාදිතයන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයන්ට රෝගය ආසාදනය වීමේ වැඩිම අවදානමක් ඇත. ඇඳිරි නීතිය පනවන කාලයේදී බොහෝමයක් ආසාදන සම්ප්‍රේෂණයන් සිදු වන්නේ පවුල් තුලමය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය වන්නේ මෙම පිරිසට තම නිවස තුලම දින 14ක් ස්වයං නිරෝධායනය වීමත්, ඒ අතරතුර ඔවුනට රෝග ලක්ෂණ පහල වුවහොත් ඔවුන් පරීක්ෂණ වලට භාජනය කිරීමත්ය. මෙම ප්‍රතිපත්ති සමඟ අවදානම් 3 ක් ඇත; ( i) ආසාදිතයින් බොහෝ දෙනෙක්ට රෝග ලක්ෂණ පහල නොවුනත්, අනිත් අයට රෝගය පැතිරීමට ඉඩකඩ ඇත-පරීක්ෂණ නොපවත්වා මේ පිරිස හඳුනාගත නොහැකි වනු ඇත. (ii) නිවසක එක් පුද්ගලයෙකුට වඩා ජීවත් වන්නේ නම්, ඔවුන් අතර වෛරසය සති 2 කට වඩා කාලයක් සංසරණය විය හැකිය. (iii) සෑම කෙනෙකුම නිරෝධායන උපදෙස් වලට අනුකූලව හැසිරෙනු ඇතැයි අපට සිතිය නොහැක. ඇත්තම කිවහොත්, බොහෝ රටවල් ආසන්නතම සම්බන්ධ වුවන් සියල්ලම පරීක්ෂණයට ලක් කරන්නේ නැත. තවද ශුන්‍ය ප්‍රජා සම්ප්‍රේශණයක ඉලක්කය බොහෝ රටවලට නැත. උදා: එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය. ශ්‍රී ලංකාවට ශුන්‍ය සම්ප්‍රේෂණය කරා ලඟා විය හැකි අතර සමීප සබඳතා පැවැත්වු අය සියල්ලම පරීක්ෂණයට භාජනය කිරීමට අපට තවමත් පුළුවන.

හදිසි ප්‍රතිකාර ඒකක වලට කෙරෙන සියලු ඇතුලත් කිරීම්.

කොවිඩ් 19 ආසාදනයට පත්වු බවට රෝග විනිශ්චය නොකලත්, කොවිඩ්-19 න් ආසාදනය වුවන්ගෙන් 1% ක් බරපතල ලෙස රෝගාතුරවී අවසානයේදී හදිසි ප්‍රතිකාර ඒකකයක නවතිනු ඇත. හඳුනා නොගත් ආසාදිතයින් සොයා ගැනීමට හොඳම ස්ථානය හදිසි ප්‍රතිකාර ඒකකය වන්නේ මේ හේතුවෙනි. තවද, හඳුනා නොගත් ආසාදිතයින් සොයා ගැනීමට හදිසි ප්‍රතිකාර ඒකක වල රෝගීන් පරීක්ෂණයට ලක්කිරීම වඩාත් ලාභදායී ක්‍රමයක් වනු ඇත. මේ හේතුව නිසා, සිංගප්පුරුව, හොංකොං සහ තායිවානය යන හැම රටක්ම මෙය අනුගමනය කරයි. සැඟවුන වසංගතයක් පිලිබඳව කල්තියා අනතුරු ඇඟවීමට රටවල මෙය කලයුතු බවට ලන්ඩනයේ ඉම්පීරියල් අධ්‍යයන ආයතනයේ කොවිඩ් විශේෂඥ කණ්ඩායම නිර්දේශ කරයි.

සියලුම හදිසි ප්‍රතිකාර ඒකක වලට ඇතුලත් කිරීම් පරීක්ෂණයට භාජනය කිරීමට තවත් හේතුවක් වන්නේ හඳුනා නොගත් කොවිඩ්-19 ආසාදිතයින් අතිශයින් භායානක වීමයි. කොවිඩ්-19 කොතරම් ආසාදිතද යන්, එමඟින්  අනෙකුත් රෝගීන් සහ හදිසි ප්‍රතිකාර ඒකක කාර්ය මණ්ඩලයද ආසාදනය කරනු ඇත.රෝගීන් වෙන්කර තැබිය හැකි තනි කාමර වල ඇති හදිසි ප්‍රතිකාර ඒකක ඇඳන් ඇත්තේ ස්වල්පයක් බැවින් මෙය ලංකාවේ සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය. හදිසි ප්‍රතිකාර ඒකක වල රෝගීන් දැනටමත් රෝගාතුරවී ඇති බැවින්, කොවිඩ්-19 ආසාදනය ඔවුන්ගෙන් වැඩිදෙනෙකු මරණයට පත් කරනු ඇත. දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය ආසාදනය වීම ද තදබල ගැටළුක් වන්නේ ඔවුනට සති 2 ක කාලයක් නිරෝධායනයට යැමට සිදුවීමක් රෝහල් වලට දැඩි සත්කාර ඒකකයක සේවය ලබා දීමට ඇති හැකියාව අඩුවීමත්ය.

නියුමෝනියාව සහ ඉන්ෆ්ලුවෙන්සා හේතු කොට ගෙන සිදු වු සියලු රෝහල් ගතවීම් සහ නොදන්නා ආසාදන හේතුකොට සිදු වු මරණ

පැහැදිලි හේතුවක් නොමැති සියලුම නියුමෝනියා ඇතුලත් කිරීම් කොවිඩ්-19 පරීක්ෂණයට භාජනය කල යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරන අතර, එය අවශ්‍ය දැයි නොදන්නා බව පැවසේ. මෙය යහපත් වන අතර, සිංගප්පුරුව, හොංකොං සහ තායිවානය පියවරක් ඉදිරියට ගොස් එවැනි රෝගීන් සියල්ල පරීක්ෂණයට භාජනය කරයි. එම තර්කය සරලයි. පරීක්ෂණය කිරීම අනිවාර්ය නොවේ නම් හෝ අභිමතය පරිදි සිදු කෙරේ  නම්, සමහර ආසාදිතයින් හඳුනා ගැනීම මඟ හැරෙනු ඇත. කොවිඩ් රෝගීන් රෝහල් ගත කර සාමාන්‍ය නියුමෝනියා රෝගීන් ලෙස සාමන්‍ය නියුමෝනියා රෝගීන් ලෙස වැරදි රෝග විනිශ්චය කල අවස්ථා ගණනාවක් ලොව පුරා සිදු වී ඇති බැවින් මෙය සෑබෑ අවදානමකි. ජපානය සහ එක්සත් ජනපදය ඇතුලු රටවල් ගණනාවක, මෙම අවස්ථාවන් මුල් වසංගතයට හේතු වු ප්‍රධාන සාධකය විය. ශ්‍රී ලංකාවේ මෙය සිදුවීම වලක්වා ගැනීම සඳහා, සියලු නියුමෝනියා රෝගීන් ඇතුලත් කිරීමේදී කොවිඩ්-19 පරීක්ෂණය සිදු කිරීම අනිවාර්ය විය යුතු අතර, පුද්ගලික අංශයෙත් මෙය සිදු කල යුතුය. සිංගප්පුරුවේ සහ හොංකොං හි ප්‍රතිපත්තියක් වන නාඳුනන ආසාදන සම්භවයක් ඇති රෝගීන්ගේ මරණ පරීක්ෂණයට භාජනය කිරීම සඳහා ද මෙම තර්කයට ආදාල වේ. 

උණ සහ ශ්වසන රෝග ලක්ෂණ සහිත බාහිර රෝගීන්

උණ සහ ශ්වසන රෝග ලක්ෂණ සහිත බාහිර රෝගීන් මෙන්ම ජාත්‍යන්තර ගමන් ඉතිහාසයක් ඇති අය පරීක්ෂණයට භාජනය කල යු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය වර්තමානයේදී නිර්දේශ කරයි. සියලුම ආසාදිතයින් හඳුනා ගැනීමට මෙය ප්‍රමාණවත් නොවේ. විදේශිය ගමන් පිලිබඳ ඉතිහාසයක් නොමැති කොවිඩ් රෝගීන් දැනට අපට හමු වී ඇත. රෝහලකට ඇතුලත් වීමට පෙර වෛද්‍යවරු කිහිප දෙනෙකු වෙත ගොස්, වෛරසය ඇති බව සොයා ගෙන ඇත. මෑතකදී ඔවුන්ගේ සංචාරක ගමන් ඉතිහාසය හෙළි නොකල ආසාදිතයින් ගණනාවක් ද අපට දක්නට ලැබිණි. මෙම අවදානම වලක්වා ගැනීම සහ ආසාදිතයින් හඳුනා ගැනීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා, සිංගප්පුරුව හා හොංකොං යන රටවල් දෙකම රෝග ලක්ෂණ සහිත සියලුම බාහිර රෝගීන් PCR පරීක්ෂණයට භාජනය කරනු ලබයි. නොදන්නා ප්‍රජා සම්ප්‍රේෂණය හඳුනා ගැනීමට මෙය සාර්ථක වී ඇත. මෙය වඩාත් ප්‍රායෝගික කිරීම සඳහා හොංකොං රට සිය බාහිර රෝගීන්ට, නිවසට ගොස් කෙල සාම්පලයක් ගෙන එන ලෙස ඉල්ලා සිටියි. එහි බොහෝමයක් බාහිර රෝගීන් ප්‍රතිකාර සඳහා රාජ්‍ය අංශයට නොයන බැවින් මෙම වැඩපිළිවෙල පෞද්ගලික වෛද්‍යවරුන් වෙත ව්‍යාප්ත කර ඇත.

කිසිදු නිර්ණායකට නොගැලපෙන නමුත් ආසාදන ඇතිවිය හැකි බවට වෛද්‍යවරුන් සැක කරන රෝගීන් 

කිසිදු නිර්ණායක කට්ටලයක් සැමවිටම නිරවද්‍ය විය නොහැක. වෛද්‍යවරුන්ට ඔවුන්ගේ අභිමතය පරිදි පරීක්ෂණ කිරීමට රෝගීන් යොමු කිරීම තුලින් අමතර ආසාදිතයින් සොයාගත හැකි බව සිංගප්පුරුව හා හොංකොං රටවල් දෙකම හඳුනාගෙන ඇත. අපගේ ඉලක්කය ශුන්‍ය සම්ප්‍රේෂණය නම්, මේ සඳහා අප ද ඉඩ දිය යුතුය.

පරිවර්තනය: වෛද්‍ය සරත් සමරගේ

 

Leave a Reply